° Dislike °

112 25 11
                                    


" මේ ඉන්නේ ඔයාලගේ අලුත් Manager ... කට්ටියගෙම අකමැත්තක් නෑ නේ නේ... "
Pd එහෙම අහද්දි සෙඔල්ට නම් හිනා ගියා...

" හහ්.. ඔයා කවදා ඉදන්ද pd අපේ කැමැත්ත අහන්න ගත්තේ... "
කෙල්ල තරහින්ම එහෙම කියද්දි අනිත් කෙල්ලො හතරදෙනා කටත් ඇරන් බලන් හිටියේ එයාලගේ අලුත් manager දිහා..

කොල්ලා සූට් කිට් එකට ගොඩක් ලස්සනයි ... බිම බලාගන හිටියත් කලබලේට එහෙ මෙහෙ යන ඇස් එක්ක එයා සැරින් සැරේ හැරිලා බැලුවේ සෙඔල්ගේ තරහින් රතු උන මූණ දිහා..

*****
Pd ගේ Cabin එකෙන් එලියට ආව ගමන් කෙල්ලො ටික කුටු කුටු ගාන්න ගත්තා..

" අනේ ඔන්නී ආයෙත් එහෙම වෙයිද... අනේ මට බෑ ඒ stress එක මතක් කරන්නවත්.. "
සූ ආ කෙල්ලගෙන් එහෙම අහද්දි කෙල්ල නිරුත්තර උනා..

ඒත් ඔය කාටත් වඩා හොදට සෙඔල් ටේහ්‍යුන් ව දැනගන හිටියා... ඒ වගේම කොල්ලා අනිත් managers ලා වගේ හැසිරෙන එකක් නෑයි කියලා කෙල්ලගේ හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුනා...

" එයා තරුණයි නේ ඔන්නී... මං හිතන්නේ දැන් අවුරුදු .... "

" එයා මගේ වයසේ චෝ හියා.. "
සෙඔල් ඉක්මන් අඩියෙන් ඉස්සර වෙද්දි එහෙම කිව්වේ ඔහේ ඉස්සරහ බලාගන...
" හ්ම්ම්... බයවෙන්න එපා.. මම ආයේ එකම දේ වෙන්න දෙන්නේ නෑ.. දැන් මමත් මේක අතාරින්නේ නෑ...

බලමු එයා කොච්චර කාලයක් ඉදීද කියලා... "
අතමිටමොලවගන සෙඔල් තරහින් දත්මිටි කෑවා....

" ඔන්නි කියන්නේ එයා ආයෙ යයි කියලද.. ඒත් pd නම් ඒකට ඉඩ දෙන එකක් නැතිවෙයි... දැනටමත් pd ගේ ඇස් අන්ධ වෙලා.. "
හී ජින් ලි ෂූවත් අල්ලගන සෙඔල් ගේ ලගින් ඉස්සරහට ගියා...

" එයාට Experience නෑ.... මෙහෙ වැඩ වලට හැඩ ගැහෙන්න කල් යයි....
හ්ම්ම් එයාගෙන් වෙන එක වැරැද්දක් ගානේ මම වාඩුව ගන්නවා...

හැම දේකටම... "
තරහින් රව රව කෙල්ල හොදටම දත්මිටි කනවා... මේ සිද්ධිය ට වගේම පරණ සිද්ධි නිසා කෙල්ල හිටියේ ටේහ්‍යුන් එක්ක ගොඩක් තරහින්.. අනිත් කට්ටියට dorm එකට යන්න කියලා කෙල්ල ගියේ එතන හැරෙන තැනම තිබ්බ තවත් Practice room එකකට...

ඒක ටිකක් අනිත් ඒවට වඩා ලොකුයි.. එක පැත්තක වෙනුවට ඒකේ බිත්තිවල තුන්පැත්තක්ම වැහිලා තිබ්බේ කණ්නාඩි වලින්.. ලයිට්ස් ගොඩක් වගේම ෆෑන්ස් ගොඩකුත් ඒකේ හයිකරලා තිබුනා..
පැත්තකින් තිබ්බ ලොකු බෆල් එක වගේම ටිකක් ඉහලට වෙන්නත් බිත්ති වල කොන් දෙකක බෆල් හයි කරලා තිබුනා...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now