° Stage °

92 23 7
                                    


සෙඔල් අනිත් කට්ටියටම වඩා ටිකක් උදෙන් ඇහැරිලා කෙල්ලො ටිකට සද්දයක් වත් ඇහෙන්න නොදී හෙමින් සීරුවේ dorm එකෙන් එලියට ආවා....
තනියම සිංදුවක් මුමුණ මුමුණ කෙල්ල කෙලින්ම ආවේ practice room එකට... ඊයේ ජිමින් එක්ක කීප පාරක් පුරුදු උනත් කෙල්ලට ඕනි උනා ආයෙත් ඒක ටිකක් බලාගන්න...

විනාඩි පහලවක් විතර යද්දි කෙනෙක් ඇවිත් practice room එකේ දොරට තට්ටු කරලා ඒක ඇරලා ඇතුලට එනවා කෙල්ල ඇස් කොනින් දැක්කත් එයා ඇස් රෝල් කරලා හති දදාම එයාගේ part එක practice උනා ...

" තව පැයකින් අපි යන්න ඕනි... "
එයා එහෙම කිව්වත් කෙල්ල නෑහුන ගානට එයාගේ වැඩේ කරනවා...

" සෙඔල් ... මම කියන දේ ඇහෙනවද... තව පැයකින්..... "
Music වල සද්දේ නිසා එයා කතා කලේ ටිකක් සද්දෙන්...
ඒත් ඒ එක්කම කෙල්ල එතනම ටිකක් ඉස්සරහට වෙන්න තිබ්බ පුටුවේ තිබුන පුංචි රිමෝට් එකක් අතට අරන් ඒකෙන් music off කලා...

" Excuseme ... ටේහ්‍යුන් ශී ... මම ලී සෙඔල්... මම කැමතියි එහෙම කතා කරනවා නම්... අනික පැයක් කියන්නේ අපිට වැඩිත් එක්ක... බය වෙන්න එපා අපි ගානට එන්නම්... "
කෙල්ල තරහින් කොල්ලගේ මූණ වත් නොබලා එහෙම කිව්වා...

කොල්ලට නම් චහ් ගාලා කටකොනින් හිනාවක් ගියේ කෙල්ලගේ හිතේ තියෙන තරහව කොයිතරම් ද කියලා තමන්ටවත් හිතාගන්න බැරි නිසා...
කොල්ලා හ්ම්ම් කියලා එතනින් යන්න හැරුනත් කෙල්ලගේ කටහඬ එයාව නතර කලා...

" අනික... අපි මේක කරන්නේ පලවෙනි වතාවට නෙවෙයි නේ... ඒක නිසා ඔයා ඕනෙවට වඩා රගන්න එපා.. "
කොල්ලා අතත් මිට මොලවන් මේ ඔක්කොම ටික අහගන ඉදලා මුකුත් නොකියම එලියට ගියා...

කෙල්ලෝ ටික පිටත් වෙන්න විනාඩි දහයක් තියලා වාහනේට නැගලා වාඩි වෙද්දි ටේහ්‍යුනුත් නැගලා ඉස්සරහින් වාඩි උනා... පැය කාලක් වගේ යද්දි කට්ටිය ආවේ ලොකු Open Stadium එකකට.. දැනටමත් ඒකේ Stage එක රෙඩි කරලා තිබුනා...

කෙල්ලෝ ටික Rehearsal එකෙනුයි Sounds checking වලිනුයි පස්සේ ඇදුම් අදින්න changing room එකට යද්දි ටේහ්‍යුන් තමන්ගේ පුළුවන් උපරිමෙන් එතන වැඩ ටික බැලුවා....
Stage එකේ වැඩ , Sounds , Mics ගැන , lights , Cameras , Audience එක ගැන උනත් manager විදියට කොල්ලට අවදානය දෙන්න වෙනවා... ඒත් ටේහ්‍යුන් ට මේවා ටිකක් නුහුරුයි...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now