° Changing °

88 23 7
                                    


ටේහ්‍යුන් වාහනේ ලගට වෙලා බලන් හිටියත් කට්ටිය එන පාටක් නැති නිසා ආයෙම ඇතුලට ගියේ මොකද බලන්න ...

Girls' dorm එක ලගට යද්දිත් එතනින් යන trainees ලා කොල්ලා දිහා හැරි හැරි බැලුවත් ටේහ්‍යුන් නෙවෙයි ගනන් ගත්තේ... එයා කලබලෙන් දිව්වේ කෙල්ලො ටික හොයාගන....

එයා ගිහින් දොරට තට්ටු කරද්දි සෙඔල් ඇවිත් දොර ඇරියා....
" ඔහ්.... මේ මොකද මේ.... "
කෙල්ල කොල්ලගේ උඩ ඉදන් පහලටම බලලා අහද්දි කොල්ලා ලොකු හුස්මක් ගත්තා...

" ඔයාලා පරක්කුයි... ඒකයි මම.... "

" මේ අහන්න මැනේජර් නිම් අපි එන්නේ අපිට ඕනි වෙලාවට.... ඒක අපි බලාගන්නම්... ඔයා දැන් යන්න... "
කෙල්ල හිටියේ ටේහ්‍යුන් එක්ක හිතහොදින් නෙවෙයි නිසා එයා ටිකක් තදින් කතා කලේ....

" සෙඔල්... මේ අහන්න.... එයාලා මගෙන් අහනවා ඔයාලා කෝ කියල.. මං එතන බැනුම් අහන්න ඕනි නෑ නේ... ඔයාලා ඉක්මන් කරා නම්... "
ටේහ්‍යුන් ටත් හිත රිදුන පාර එයත් එහෙම කියද්දි කෙල්ල දොර ඇරගනම අත්දෙක පපුවට බැදගත්තා...

" ඉතින් මට මොකෝ... අපි වැඩක් කියන්න... දැන් යන්න.. "
කොල්ලගේ මූණටම කරලා දොරත් වහලා කෙල්ල හැරුනේ කෑගහගන...

" සූආ... මොකක්ද අනේ කරන්නේ... කවදාවත් නැතුව ඇයි මේ පරක්කු... මෙහෙ පණිවිඩ එනවා... "

" ඕ.... ඔන්නී... එනෝ... "
අනිත් කෙල්ලො තුන් දෙනා සෙඔල් එක්ක සාලේ ඉද්දි සූආ තාමත් කාමරේ....

සෙඔල් ගේ කෑගැහිල්ලට සූආ කාමරෙන් එලියට පැන්නා....
" මොකද ලමයෝ කාමරේට රිංගුවේ ආ... පරක්කුයි නේ... හා හා යමු කට්ටියම කෝ... "

සූආ වත් එක්කන් සෙඔල් යන්න හැරුනත් අනිත් කට්ටිය එලියට යද්දි සූආ සෙඔල් ව නතර කරගත්තා...
" ඔන්නී.. ටිකක් ඉන්න... "

" ඔ... වේ සුආ යා... "
සෙඔල් දිහාට එයා දික් කලේ එයාගේ phone එක...

" Spam Messages "
කෙල්ල මූණ ඇඹුල් කරද්දි සෙඔල් phone එක අතට ගත්තා...

" මොකක්.... spam messages කිව්වා.... ඔයාට ද.... හහ්.. ඕවා ගනන් .... "

" ආනි ඔන්නි... මට නෙවෙයි ඔයාට.... "
සෙඔල් ගේ කතාව මැද්දෙන් සූආ එහෙම කියද්දි සෙඔල් ඇහිබැම් ඇකිලුවා...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now