° Sisters °

72 21 36
                                    


කණ්නාඩි වලින් ආවරණය කරලා තිබුනු practice room එකේ කොනකට වෙලා සෙඔල් දාඩිය දාගන practice කලා....
තමන්ගේ හිතට සැටිස් වෙනකන්ම එයා එකම කොටස ආයෙ ආයෙත් කලේ හිතේ තියෙන අවුල් ජාලාව මහන්සියෙන් වහලා දාන්න උත්සාහ කරලා....

" සෙඔල් ඔන්නී .. "

" ඕ චෝහියා ... "
කෙල්ල face ටවල් එකකින් මූණ පිහිදගන්න ගමන් චෝහි ලගට ආවා...

" අපේ Practice video එකයි Choreography Video එකයි Upload කරා කිව්වා මැනේජර් නිම් ...
PD ගේ කැමැත්තට කලා උනත් මේ පාර song එක ගැන මගේ හිතට හොදයි වගේ... "
චෝහි හිනාවෙලා කියද්දි සෙඔල් නිශ්ශබ්දව ඔලුව වැනුවා....

" ලී සෙඔල් ශී ... PD කැබින් එකට කතා කලා.. "
කෙල්ලො දෙන්නගේ කතාවට බාධා කරේ ටේහ්‍යුන් .. practice room එකේ දොරත් ඇරගන එයා ඔලුව දාලා කෙටියෙන් කියලා ඉක්මනට එතනින් ගියේ සෙඔල් ටේහ්‍යුන් දිහා බලලා අහක බලාගනිද්දි ....

" pd .. ? "
කෙල්ල තමන්ටම මුමුණගන යන්න හැරෙද්දි චෝහි එයාගේ අතකින් අල්ලගත්තා...

" ඔන්නි ...

කවදා වෙනකන් ඔයාලා මෙහෙම හතුරෝ වගේ ඉන්නද කල්පනාව .... ම්ම් ? "

චෝහි එහෙම ඇහුවේ ටිකක් බයකින් .. මොකද සෙඔල් වැඩිය කතා කරන්න අකමැති මාතෘකාවක් තමයි ' ටේහ්‍යුන් ' කියන්නේ....

" මට පුළුවන් කාලයක් යනකන් ... "
සෙඔල් හීන් හිනාවක් දැම්මා...

" ඔයාලා යාලුවෝ ... එහෙම නේද ... "

" හහ් කවුද ටේහ්‍යුන් ද කිව්වෙ ... ? "
ටවල් එක පුටුවක් උඩට විසික් කරන ගමන් කෙල්ල හිනා උනා...

" දන්නවද ඔන්නි ... මම එයාගෙන් ඕක ඇහුවමත් එයා කලේ මගෙන් ඔය වගේම ප්‍රශ්නයක් ඇහුව එක ...

එයා ඇහුවෙත් ඔයාද කිව්වෙ කියලා... "

" සොල්මා ඔයා එයාගෙනුත් ඇහුවද ... ච් චෝහියා ඒකට නම් මම කැමති නෑ ... අනවශ්‍ය වැඩක් ඒක ... අපි ඒ තරම් ලග අය නෙවේ ... "
කෙල්ල රවලා අහකට හැරෙද්දි චෝහි දුවලා ගිහින් සෙඔල් ඉස්සරහින් හිට ගත්තා..

" මියානේ ඔන්නි ...

මට ඕනි උනේ එයාට ස්තූති කරන්න ... ඒ වෙලාවෙයි මම ඇහුවේ.... "

Love-Hate ♡  ( Completed )Unde poveștirile trăiesc. Descoperă acum