° First Snowfall °

72 16 34
                                    


සෙඔල් ඇස් අරිද්දි එයා හිටියේ සුදුපාට බිත්ති හතරක් මැද තිබුන ඇඳකට වෙලා.... කෙල්ලට ලාවට වගේ මතක තිබුනා එයා stage එකෙන් බැස්ස ගමන් ම වගේ එන්න එන්න සිහිනැතිවුන විදිය ...

කට්ටියම කලබල වෙලා කෑගහන සද්දෙ වගේම එයාගේ ලගින්ම බිම වාඩිවෙලා එයාගේ මූණ පිහිදන ටේහ්‍යුන් ව කෙල්ලට මතකෙට ආවා ... ඒ ඇස් වල තිබුනේ මැනේජර් කෙනෙක් Idol දිහා බලනවට වඩා වෙනස් හැඟීමක් ...

සිහි නැතිවෙද්දි කෙල්ල අන්තිමටම කලේ ටේහ්‍යුන් එක්ක ලාවට හිනා උන එක ..
" ඔහ් සෙඔල් ඔයා නැගිට්ටද ... දැන් කොහොමද .. ? "
කෙල්ලට ඇහුනේ එයාගේ ලගින් හිටිය කෙනාගේ කටහඬ ...

" ම්ම්හ් ඔප්පා ... කෝ ලිෂූ ලා ... හී ජිනී එහෙම__"

" අනේ ළමයෝ එයාලා හොදින් ඉන්නවා ... එයාලා ඒජන්සි එකේ ... "

" මොහ් ... අපි මේ කොහෙද හෝසෙඔක් ඔප්පා... ? මම හොස්පිටල් එකේ ද මේ.. ? "
කෙල්ල ආයාසයෙන් ඇඳේ ඉඳ ගත්තා ...

" හ්ම්ම් ඔව් ... ඔයාව හොස්පිටල් ගෙනාවා අපි .. ඔයාගේ නහයෙන් ලේ යන්න ගත්තා සෙඔලා ... සිහිය නැති උන නිසා අපි ඉක්මන් කලා... "
හෝසෙඔක් කෙල්ලගේ ලගටම පුටුව ඇදලා අරගන වාඩි උනා....

" එතකොට මම කොච්චර වෙලා මෙහෙම__"
කෙල්ල එහෙම අහනවත් එක්කම දොර ඇරගන ඇතුලට ආවේ ටේහ්‍යුන් ..

කෙල්ල ටේහ්‍යුන් ගේ උඩ ඉදන් යටටම බැලුවේ පුදුම වෙලා...
" ඔයා මෙහෙ මොකද කරන්නේ .. මගේ කෙල්ලො ටික තනියමද ... ? "

" ඔහ් ඔයා නැගිට්ටද ... හ්‍යුන් දැන් කොහොමද මෙයාට .. ? "
ටේහ්‍යුන් කලේ සෙඔල් ව මගෑරපු එක .. එයා හිටියේ ගොඩක් තරහින් සෙඔල් ගේ මේ මුරණ්ඩු හැසිරීම නිසා...

" හ්ම්ම් දැන් නම් හොදයි... මම ඩොක්ටර් ව හම්බ වෙලා එන්නම් .. ඔයා ටිකක් ඉන්න මෙතන ... "
හෝසෙඔක් එතනින් යද්දි ටේහ්‍යුන් ඔලුව වනලා සෙඔල් ගේ ලගින් වාඩි උනේ අහකට හැරිලා ...

" මිස්ටර් කිම් ටේහ්‍යුන් මම ප්‍රශ්නයක් ඇහුවා ... මගේ නංගිලා ටික තනියමද DYD එකට ගියේ ආ... ? "
කෙල්ල හිටියේ හොදටම තරහින් ...

" Staff එක හිටියා .. මට ඔයාව දාලා එයාලා එක්ක යන්න බෑ නේ ... එහෙම කියලා එයාලව මෙහෙ තියාගන්නත් බෑ නේ .. දැන් ගිහින් ඉන්නේ .. මම ජීමින්ට කිව්වා බලන්න කියලා .... "
ටේහ්‍යුන් අහක බලාගනම ඕනෙවට එපාවට කියලා දැම්මේ සෙඔල් නහයෙනුත් පිඹලා ඇදේ ඇල වෙද්දි ....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now