° Am I Selfish ? °

78 19 38
                                    

අද දෙවෙනි දවස.... ඊයේ කට්ටියම ගොඩක් මහන්සි වෙලා song එකේ choreography Version එක ඉවර කලත් අදත් උදෙන්ම එයාලට යන්න උනේ Music video එකේ Visual video එක කරන්න..

Choreography එකට green boards ගත්තා උනත් Panorama ලගේ මතය උනේ Visual එක Original විදියටම කරන්න ඕනි කියලා... ඒ නිසාම එයාලට සිද්ධ උනා සමහර සීන්ස් වලදි ගොඩක් risk එකක් ගන්න උනත්..

" කට්ටිය ඉක්මන් කරන්න.. හෙටට ඇදෙන්න දෙන්නත් බෑ නේ... "
Makeup room එකට ඔලුව දාලා ටේහ්‍යුන් එහෙම කියද්දි සෙඔල් ඇරුනම අනිත් කෙල්ලො හතර දෙනාම ඉක්මනට නැගිට්ටා...

" ඔයාලා යන්න චෝහියා .. මම එන්නම්.. "
Makeup දාන අතරෙම ලාවට ඇස් හරෝලා සෙඔල් එහෙම කියද්දි චෝහි අනිත් තුන්දෙනත් එක්කගන shooting කරන තැනට ගියේ ඉතුරු දේවල් බලාගන්න...

" ඔයාලා තරහා උනාද .. ? "

" ඇයි එහෙම අහන්නේ... ? "
කෙල්ල තවමත් ඇස් පියාගන makeup එකට සහය දක්වන අතරෙම එහෙම ඇහුවා...

" මම කිව්වනේ නූනා... මට තේරෙනවා.. ඒත් මේ පාර මොකද උනේ... ? "

" කුකී ඔයාට හිතෙන්නේ මම මොනවගේ කෙනෙක් කියලද .. ? මම ආත්මාර්තකාමී ද .. ? "
ටික වෙලාවකට කෙල්ල ඇස් ඇරලා සීට් එකේ කෙලින් වාඩි උනේ කණ්නාඩියෙන් පේන eyeliner එකක් අරන් ඉන්න ජන්කුක් ගේ දිහා බලන ගමන්....

" හ්හා... ඔයා .. ? මම ඇත්තම කියන්නද නූනා.. "
ජන්කුක් අතේ තිබ්බ eyeliner එක අනෙක් අතට මාරු කරගන සෙඔල් ලගින් එහා පුටුවෙන් වාඩි උනා....

" කියන්න ... මට දැනගන්න ඕනිත් ඒකම තමා.. "

" ඔයා හැමදේම හංගගන ඉන්න එකයි මෙතන වැරැද්ද.. නොකිව්වට ඔයා එයා ගැන වද වෙනවා... "
ජන්කුක් ගේ වචන එක්ක කෙල්ල හැරිලා ජන්කුක් දිහා බැලුවා..

" මම ... ? කාගැනද ? "

" වෙන කවුද ඔයාගේ පරණ යාලුවා.. මැනේජර් නිම් ගැනයි මම මේ කියන්නේ... ඔයා එයා ගැන වද වෙනවා නම් ඇයි තවත් එයාව පාගන්නේ.. ? "
ජන්කුක් බලන් හිටියා වගේ කියාගන යද්දි සෙඔල් අත්දෙකෙන්ම වාඩිවෙලා හිටිය පුටුවේ ඇදි දෙක තද කරලා අල්ලගත්‍තා....

" මම ඒක පෙන්නුවොත් මටමයි රිදෙන්නේ කුකී ... මට බෑ ඒ දේවල් වලට සමාව දෙන්න.. එයා නිවැරදි උනත් ...
මට ඕනි එයාට වැරැද්ද දාලා හරි මගේ හිත හදාගන්න.... "
කෙල්ල ආයෙම හාන්සි උනේ ජන්කුක් ට makeup එක ආයෙත් පටන් ගන්න කියලා වගේ....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now