° I Hate You All °

83 19 91
                                    

කළුපාට බෙන්ස් එකක් DYD එක ඉස්සරහා නතර කලේ ඒකේ හිටිය driver ඉක්මනට වාහනෙන් බහිද්දි .. එයා ඉක්මනට දුවලා ගිහින් වාහනේ පිටිපස්සේ දොර ඇරියේ කළුපාට සපත්තු දෙකක් එක්ක ඒකටම ගැලපුන සූට් කිට් එකකින් හිටිය ඒ කෙනාට වාහනෙන් බහින්න ඉඩ දීලා...

තවත් එක පාරක් ඒ උස බිල්ඩින් එකේ ගහලා තිබුන DYD Entertainment කියන නම කියෝලා තමන්ගේ බ්ලේසර් එකත් හදාගත්ත ඒ කෙනා දෙපාරක් නොහිතම ඒජන්සි එක ඇතුලට ගියා....

ඒ කෙනාව දැකපු හැමෝම සූස් සූස් ගාලා දෙපැත්තට වෙලා එයාට ඉඩ දෙද්දි ඒ කෙනාගේ මූණේ ඇඳුනේ නිහතමානී හිනාවක් .. ලෝන්ජ් එකේ ඉදන් ඇතුලට යනකන්ම හැමකෙනෙක්ම ඒ කෙනාට ආචාර කලේ ඒ මූණ නොදන්න අය නැතිතරම් නිසා...

" CEO ගේ කැබින් එක ... ? "

" අම් ... Fourth Floor එකේ සර් .. මම ගෙනියන්නම් ... "
ලිෆ්ට් එක ලගම හිටිය staff කෙනෙක් ගෙන් ඒ කෙනා එහෙම අහද්දි ඒ staff එකේ කෙනත් ගොත ගගහා එහෙම උත්තර දුන්නා...

එයා PD ගේ කැබින් එක ලගට ගිහින් දොරට තට්ටු කරලා ඇතුලට යනකන් අර staff එකේ පිරිමි ළමයා බිම බලාගන හිටියා... ඒ කෙනා කැබින් එක අතුලට ගියාට පස්සෙ තමා ඒ කොල්ලා හරියකට හුස්මක් ගත්තේ..

Pd හිටියේ එයාගේ කැරකෙන පුටුවට වෙලා ෆයිල්ස් වගයක් බල බල .. හදිසියේම දොරට තට්ටු කරලා ඇතුල් උන කෙනාව දැකලා එයාව පුටුවෙන් නැගිට්ට උනා....
" දෙයියනේ Chairman .... ! කිව්වෙ වත් නෑ නේ එනවා කියලා.. "
Pd ගේ ඇස් ලොකු වෙලා තිබුනා...

ඒ කෙනා හිනා වෙලා Pd කියන්නත් කලියෙන් පුටුවකින් වාඩි උනා...
" හදිසියේම ආවේ ... මම නොකියා ආව එක මිස්ටර් චෝයි ට ප්‍රශ්නයක් නෙවේ නේ නේද .. ? "
ඒ කෙනා එහෙම අහද්දි PD හිනාවෙලා සීට් එකෙන් වාඩිඋනා...

" කවදද සෝල් ආවේ Chairman .. ? "

" ඊයේ ... ම්ම් ඇත්තටම හදිසියේම මට කැනඩා වලට යන්න උනා ... But , මම කොරියා ආවේ පොඩි වැඩ වගයකට .. ඒ එක්කම තමා මෙහෙට ආවේ ... "
කකුලක් පිට කකුලක් දාගන්න ගමන් ඒ කෙනා එහෙම කියද්දි PD හිනාවෙලා ඔලුව වැනුවා..

*******

සෙඔල් ව එක්කන් යන්න තවත් staff එකේ දෙන්නෙක් ඇවිත් තිබුනා ... සේලයින් දුන්න නිසා කලින් දවසට වඩා නම් කෙල්ලට දැන් හොදක් දැනුනා උනත් තවමත් ඇගට පණ නැති ගතියක් තිබුනා ...
ටේහ්‍යුන් එක්කම වෑන් එකට නගින ගමන් එයා හොද හුස්මක් ගත්තේ සීතලට අත් එකට අතුල්ලලා ...

Love-Hate ♡  ( Completed )Tahanan ng mga kuwento. Tumuklas ngayon