° Again Who ? °

56 15 4
                                    


Practice room එකේ දොර ඇරෙනවත් එක්කම මෙච්චර වෙලා නිශ්ශබ්දව තම තමන්ගේ කල්පනාවේ හිටිය කට්ටියම හැරිලා බැලුවේ දොරෙන් ඇතුලට එන කෙනා දිහා ...

ඇතුලට ආවේ ටේහ්‍යුන් ... ඒ වගේම ටේහ්‍යුන් ගේ පිටිපස්සෙන් සෙඔලුත් practice room එකට එනවා දැක්කමයි කට්ටියට හුස්මක් ගන්න පුළුවන් උනේ ...

ඒත් එක්කෙනෙක් වත් කතා කලේ නෑ .. සෙඔල් හොදටෝම අඬලා තිබුනා ... ටේහ්‍යුන් සෙඔල් ගේ අතකින් අල්ලගන එයාව එක්ක ආවේ සෙඔල් නිශ්ශබ්දව ඇතුලට එද්දි ...
ජීමින් ඉක්මනට බැලුවේ ටේහ්‍යුන් දිහා .. ටේහ්‍යුන් ලාවට ඔලුව වනද්දි ජීමින් සැනසුම් හුස්මක් පිට කලේ පපුවත් අල්ලගන ..

සෙඔල් ටේහ්‍යුන් ගෙන් එහාට හිටිය එයාගේ නංගිලා ටික දිහා ඔලුව උස්සලා බැලුවා .. එයාලත් පුදුමෙන් වගේම දුකෙන් සෙඔල් දිහා බලන් හිටියා මිසක ලඟට ආවේ නම් නෑ..

සෙඔල් අතක් දික් කරන පමාවට ලිෂූ , හී ජින් , සූආ අන්තිමට චෝහිත් ඇවිත් සෙඔල් ට තුරුල් උනේ ටේහ්‍යුන් එතනින් ඈත් වෙද්දි ... සෙඔල් කලින් ටේහ්‍යුන් ට තුරුල් වෙලා ගොඩක් ඇඬුවා .... ඒ නිසාම කෙල්ලට අඬන්න කදුළු නැතුව වගේ එයා , එයාව බදාගන ඉකි ගහන අනිත් හතර දෙනාගේ ඔලු මාරුවෙන් මාරුවට අතගෑවා ...

" ඔන්නි__ හො හොදින් නේද ? "

" අපි බය උනා .. "

ලිෂූ , සූආ දෙන්නා කටවල් හද හදා කියද්දි සෙඔල් එයාලට ඔලුව වැනුවේ එයා හොදින් කියන්න ..

********

" මොහ් ! කොහෙට නැගලා කිව්වා ? සේසන්හේ මේ කෙල්ල මොනා හරි කරගත්තා නම් එහෙම ! "

" ම්ම්හූ එයා suicide කරගන්න අදහසක හිටියම නෙවෙයි ජීමින් ... එයාට තිබුනේ හදිසි ශොක් එකක් වගේ දෙයක් .. "
ලොබි එකේ ඉස්සරට යන ගමන් ටේහ්‍යුන් ජීමින්ට පැහැදිලි කලා...

ජීමින් ගේ වද උන මූණ බෙරි වෙලා ගියා...
" වෙලාවට ඔයා ගියේ ටේහ්‍යුන් ... අහ් මම ගියා නම් එහෙම මම මොනා කරාවිද දන්නෑ ... "

" ඇයි එහෙම කියන්නේ ? "

" අහ්ම් මම යද්දි සෙඔල් එහෙම උඩකට නැගලා ඉඳියොත් .. සේසන්හේ මම කෑගහයි .. සමහරවිට පපුව අමාරුවක් වත් එයි .. දෙයියනේ ඒ කෙල්ලට තුවාලයක් උනත් මට බලන් ඉන්න බෑ ...
කොහොමද ඒ වගේ වෙලාවකට සන්සුන් වෙන්නේ .. ඔයා ගිය එක ගොඩක් හොදයි .. "
ජීමින් ඉස්සරහට තියන තමන්ගේ අඩි දිහා අවදානෙන් බලන ගමන් එහෙම කිව්වෙ ටේහ්‍යුන් ජීමින් දිහා බලද්දි ..

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now