° Again Same °

65 18 4
                                    


" ඔයාලා ඇයි ඒ මිනිහට එහෙම බුරුල දුන්නේ .. අනේ මන්දා සෙඔල් කන පැලෙන්න එකක් ගහන්න තිබ්බේ .. මමත් හිටියනේ බයවෙන්න දෙයකුත් නෑ .. "
ටේහ්‍යුන් ගොඩක් තරහින් rooftop එකේ එහෙ මෙහෙ ඇවිද්දෙ සෙඔල් බෙන්ච් එකේ වාඩිවෙලා ඉද්දි...

" වැඩක් නෑ නේ මැනේජර් නිම් .. ඒ මිනිහව හදන්න බෑ .. දැන් අපි බේරුනා නේ ඕක අතාරිමු .. පරණ දේවල් මතක් කරන්න මම ආසත් නෑ .. "
සෙඔල් එහෙම කිව්වෙ අහස දිහාවට ඔලුව උස්සන්...

" ච් ඒ උනාට ඌ සමාව ගන්න ඕන .. ඒ මිනිහා දකින්න ඕන දැන් ඔයාලා ඉන්න තැන .. දැන් ඔයාලට ලැබෙන පිළිගැනීම .. මට ඕන උනා ඒක ... කොහෙද ඉතින් ඔයාලා දැක්ක ගමන් යන්න දුන්නා නෙ .. අල්ලගන නෙලන්නැතුව .. "
ටේහ්‍යුන් හොදටම තරහින් .. එයා අතපය විසික් කර කර බැන බැන rooftop එකේ එහෙ මෙහෙ ඇවිද්දා ...

" හ්හාහ් ... ටේහ්‍යුන් එයා දකින්න ඇති ඒවා .. ඒ මිනිහට ගහනවට වඩා එයාව අතටම අහුවෙලා අතෑරලා දාන එක තමා එයාට ලැබෙන ලොකුම දඬුවම .. එයා පසුතැවෙයි අනිවාරෙන් ..
අනික එයා දැන් බයේ ඇත්තෙ අපි එයාගේ company එකට මේවා කියාවි කියලා .. ඒ බය ඇති .. "
සෙඔල් කට කොනකින් හිනා වෙද්දි ටේහ්‍යුන් බැල්කනි අත්වැටට පිටදීලා සෙඔල් දිහාවට හැරුනා ...

" ඒ මිනිහා යන එකක් නෑ සෙඔල් .. තව ටික දවසක් මෙහෙ කැරකි කැරකි ඉඳීවි .. දන්නවද ඌ කිව්ව එක ..
හහ් කවද හරි මේ DYD එක එයා ගන්නවලු .. "
ටේහ්‍යුන් දත්මිටි කමින් කියද්දි සෙඔල් වාඩි උන තැනින් නැගිටලා ටේහ්‍යුන් ගෙ ලඟට ඇවිත් එයත් අත්වැටට හේත්තු උනා..

" මොහ් ! දෙයියනේ එහෙම නම් වෙන්න එපා ... God ! ඒ මිනිහා මුළු industry එකම කාලා දායි ... "
සෙඔල් වද වීමෙන් කතා කරද්දි ටේහ්‍යුන් කටකොනින් හිනා උනා...

" චහ් .. ඒවා කොහෙද .. එහෙම ලේසියෙන් DYD එක ගන්න බෑ ඒ මිනිහට ... ඊජන්ශිකි .. ! මම දෙන්නෑ එයාට ඒක නම් කරන්න ...
මෙහෙ ඉන්න trainees ලව විනාස කරයි ඌ .. "
අතත් මිට මොලවන් ටේහ්‍යුන් කියද්දි සෙඔල් ටේහ්‍යුන් දිහා බලන් හිටියා ...

" ටේහ්‍යුන් ඔයා ගොඩක් තරහා අරන් ... දැන් cool down වෙන්න .. අපි මොනා හරි බොන්න යමුද__ "

" මට එපා .. ඔයා බොන්න .. "
ටේහ්‍යුන් ඔරොප්පුවෙන් කියලා අත්වැට පැත්තට හැරිලා අහක බලාගත්තා ...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now