° All Good °

65 16 2
                                    


" චිම් .. ඔයාට පුළුවන් නේද මේක කතා කරන්න .. දන්නවනේ මට මේ ප්‍රශ්නේ ට අත දාන්න බෑ වැඩිය .. මාත් idol කෙනෙක් නේ .."
සෙඔල් ජීමින්ගෙන් අහද්දි ජීමින් බැලුවේ ඉල්සා දිහා ...

" හ්ම් okay මම බලන්නම් .. choreographer වෙනස් කරන්න වත් කැමති කරවගන්න ඕන ..
හ්හාහ් ඉල්සා ඔයා දැන් යන්න.. මම මේක කතා කරන්නම් බය වෙන්න එපා හොදේ "
ජීමින් හිනාවකින් ඉල්සා දිහා බලලා කියද්දි කෙල්ල කදුළු එක්ක පුංචි හිනාවකින් ඔලුව වැනුවා ...

" දැන් ගියොත් ඔයාගෙන් අහයි පරක්කු ඇයි කියලා ඉල්සා .. "
සෙඔල් කියද්දි ඉල්සා බිම බලාගත්තා...

" ඔව් සම්බෙන්නිම් .. මට කෑගහයි ... "

" සෙඔලා ... ඔයත් එයත් එක්ක යන්න .. මම pd ව හම්බෙලා එන්නම් .. "
ජීමින් එහෙම කියලා යන්න හැරුනා ..

" ආ චිම් ... තනියම යන්න එපා .. ටේහ්‍යුන් වත් එක්කන් යන්න .. pd ව නම්ම ගන්න ලේසියි එතකොට .. "
සෙඔල් ඇහැකුත් ගහලා කියද්දි ජීමිනුත් හිනාවකින් එලියට ගියා ..

සෙඔල් ඉල්සා එක්කම ඉල්සාගේ යාලුවෝ practice කරන තැනට යද්දි එතන සෙඔජුන් හිටියා ..

" අන්‍යොන් ඔප්පා ... "
සෙඔල් නොදන්න ගානට අතක් වනද්දි ඉල්සා දිහා තරහින් බලන් හිටිය සෙඔජුන් ඉක්මනට සෙඔල් දිහා බැලුවා ..

" ඔහ් සෙඔල් .. ඉල්සා මොකද පරක්කු ? "

" ආ ... අපි වොෂ් රූම් එකේදි හම්බුනා .. ඉතින් කතා කර කර හෙමින් ආවේ .. "
සෙඔල් ඉක්මනට උත්තර දුන්නේ ඉල්සා බිම බලාගන ගිහින් හාරා එක්ක එකතු වෙද්දි ..

හාරා ඉක්මනට ඉල්සාගේ අතකින් අල්ලගන ලං කරගත්තෙ කෙල්ල ගිය ගමන ගැන හාරාට ඉව වැටිලා වගේ ..

" ඔයා කිව්වද ?? "
හාරා රහසින් අහද්දි ඉල්සා තොල් තද කරන් බිම බලාගන හිටියා මිසක උත්තර දුන්නේ නෑ ...

සෙඔල් ටිකක් වෙලා සෙඔජුන් එක්ක රටේ නැති නොගැලපෙන කතා ටිකක් කියව කියව හිටියෙ ජීමින්ගෙන් පණිවිඩයක් එනකන් .. ජීමින් ගෙන් ආව කෝල් එකෙන් පස්සෙ සෙඔල් ඉල්සා දිහාත් බලලා එතනින් එලියට ආවෙ pd ගෙ කැබින් එකට යන්න හිතාගන ...

සෙඔල් යද්දිත් එතන ටේහ්‍යුන් ජීමින් දෙන්නම හිටියා ..
" ඔව් ඒකනේ pd .. ගෑණුලෙමෙක් එහෙම කතාවක් කිව්වම ටිකක් හොයලා බලන්න එපැයි නේද ජීමින්.. "
ටේහ්‍යුනුත් පෝර දානවා සෙඔල් එමින් ගමන් අහන් හිටියා ...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now