° New Year Bonds °

59 18 10
                                    


Award Ceremony එකට තිබුනේ තව දවස් දෙකයි ... සෙඔල් group performance එකට වගේම එයා ජීමින් එක්ක කරන්න ඉන්න සෝලෝ එකත් නිසා ගොඩක් බිසී වෙලයි හිටියෙ ..

සෙඔල් practice room එකට එද්දි ජීමින් ටේහ්‍යුන් එක්ක කතාබහක හිටියේ ..
" ඔහ් Good Morning ටේහ්‍යුන් "
සෙඔල් හිනාවකින් ටේහ්‍යුන් ට කතාකලාම ටේහ්‍යුන් පෙරලා හිනාවෙලා practice room එකේ තිබ්බ ප්ලාස්ටික් පුටු පෝලිමේ වාඩි උනා ..

" සෙඔල් ඔයා ear mics use කරනවද ? නැත්තන් මොකද කරන්නේ ? "

" ආ මම ඒක අහන්න හිටියේ ටේහ්‍යුන් .. අපි track එක play කරමු .... ear mic එකක් හොදයි වැඩේට නේ ? "
ස්ට්‍රෙචින්ස් කරන අතරේ සෙඔල් ටේහ්‍යුන් ට කිව්වම ජීමිනුත් ඒක අනුමත කලා ...

" හරි මම ඒක බලන්නම් .. හ්හාහ් එහෙනම් ඔයාලා දෙන්නා practice කරන්න .. "
ටේහ්‍යුන් වාඩි උන තැනින් නැගිටින ගමන් කිව්වෙ එතනින් එලියට යන්න ලෑස්තියෙන් ..

" ඕ ටේහ්‍යුන් .. අපේ choreography එක ගැන අදහසක් කියලා යන්න බැරිද ? "
ජීමින් ඇහැක් ගහලා අහද්දි ටේහ්‍යුන් බැලුවෙ සෙඔල් දිහා .. ටේහ්‍යුන් ආස නෑ සෙඔල් ජීමින් දෙන්නව නිතරම එකට දකින්න ..

ජීමින් ඉල්සා එක්ක යාලුවෙනවා නන් කියලා හිත හිතා ඉදලා දැන් ජීමින් සෙඔල් දෙන්නව එකට දකිද්දි ටේහ්‍යුන් ට ඉරිසියාවක් දැනුනා ..

ටේහ්‍යුන් සද්දනැතුව ආයෙම වාඩි උනා ..

" චිම් ? "
සෙඔල් ටේහ්‍යුන් ට නොපෙනෙන්න ජීමින්ගෙ අතෙන් ඇද්දෙ සැකෙන් බලන ගමන් ...

" ච් නිකමට ඉන්න කිව්වෙ .. "
ජීමින්ගේ දඟ හිනාව දැක්කම නම් සෙඔල් ට හිතුනෙම ජීමින් හිතාමතාම ටේහ්‍යුන් ට යන්න නොදී ඉදියයි කියලා ..

එයාලා ඩාන්ස් එක පටන් ගත්තා .. ජීමින් සෙඔල් දෙන්නා අතර හොද chemistry එකක් තිබුනා .. එයාලගේ ස්ටයිල්ස් උනත් එකට ගැලපුන නිසා එයාලා දෙන්නට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ එකට ඩාන්ස් එකක් කරන එක ..
සෙඔල් ජීමින් දෙන්නම හොදට ගැලපෙනවා කියලා පේද්දි ටේහ්‍යුන් ගේ කට උල් උනා ... අහක බලන්න බැරි කමට බලන් හිටියා මිස ටේහ්‍යුන් තාමත් පුංචි ටේ , ඔලීටයි චිම් ටයි ඉරිසියා කලා වගේ සෙඔල් ටයි ජීමින්ටයිත් ඉරිසියා කලා ...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now