° Little Rest °

48 18 4
                                    

" අ අනේ ඇයි ඔන්නි එහෙම හිතුවේ .. අපිත් ආසයි මේ platform එකට .. අනේ disband වෙන්න නම් මට බෑ ... "
සූආ එහෙම කියලා සෙඔල් ගේ ඉස්සරහින් හිටගත්තම සෙඔල් හැරිලා ටේහ්‍යුන් දිහා බැලුවා ...

" එහෙම නෙවේ සූආයා .. ඔයාලා මහන්සි උනා ගොඩක් .. කොහොමද contract එක අදිමුයි කියලා මම කියන්නේ ඉතින් .. ඔයාලට දැන් මහන්සියි .. "

" ආනියා ... අ අනේ ඔන්නී මට ඔයාලව දාලා යන්න බෑ .. ඔන්නි අපි ඉමුකෝ.. "
ලිෂූ මූණ එල්ලගන සෙඔල් දිහා බලලා චෝහි දිහාත් බැලුවේ සෙඔල් ට තේරුම් කරන්න කියලා ඉල්ලන්න වගේ ..

" හ්හාහ් .. ඔයාලගේ කැමැත්තක් කියන්න ලිෂූ .. මට කොහොමත් ලොකු දෙයක් ඔලුවෙ නෑ ඉස්සරහට කරන්න කියලා .. ඒත් ඔයාලා මෙතන කට්ට කෑවා හොදටම ඇති කියලයි මට හිතුනේ ..."
සෙඔල් හුස්මක් හලලා කියද්දි චෝහි සෙඔල් ගේ හිත හදන්න තොල් ඇරියත් ඊට ඉස්සරින් ටේහ්‍යුන් කතා කලා ....

" අහන්නකො ළමයි ... සෙඔල් කියන දේත් ඇත්තක් තියෙනවා .. ම්ම් ඔයාලා දැන් අවුරුදු ගානක් නෙ මෙතන ... ලිෂූ අප්පව දැක්කෙත් ඉදලා හිටලා .. ඔයාලට නිදහසක් ඕන කියන දේට මාත් එකඟයි ...
සෙඔල් උනත් මහන්සි වෙනවා .. උන ප්‍රශ්නත් එක්ක සෙඔල් හොද තත්වෙක නෑ .. ඒකත් අපි හැමෝම දන්නවනේ .. "
ටේහ්‍යුන් මෙහෙම කියද්දි සෙඔල් බිම බලාගත්තා ..

ඔව් නොකිව්වට කෙල්ල බෝරා ගේ මරණේත් , බිසී ලයිෆ් එකත් එක්ක හෙම්බත් වෙලා...

" ඒත් ඔප්පා__ "

" ඔව් ඔව් චෝහියා .. ඔයාලා කියන දේත් වැරදි නෑ ... ඔයාලා පස් දෙනා කැඩෙනවට මාත් පෞද්ගලිකව ගොඩක් අකමැතියි ... "
ටේහ්‍යුන් සෙඔල් දිහා බලාගන ඒක කිව්වෙ disband වෙන එකට තමන් අකමැතියි කියන්න වගේ ...

" මම අදහසක් දෙන්නද ? මැනේජර් විදියට "
ටේහ්‍යුන් කට්ටියගෙන්ම එහෙම ඇහුවම හැමෝම ටේහ්‍යුන් ට අවධානය දුන්න ..

" මොකක්ද ඔයාගේ අදහස ? "
ඒ සෙඔල් ...

" සෙඔල් ඔයාලා hiatus ගන්න ... මාස කීපෙක පොඩි break එකක් .. group activities වලින් ... ඒ අරගන personal rest එකකින් පස්සෙ ආයෙත් group එකක් විදියට ඉස්සරහට යන්න පුළුවන් නේ .. "
ටේහ්‍යුන් එහෙම කිව්වම සෙඔල් ඒ ගැන ටිකක් කල්පනා කලා ..

Love-Hate ♡  ( Completed )حيث تعيش القصص. اكتشف الآن