° Luckiest One °

86 22 23
                                    

උදෙන්ම sounds checking වලට යන්න තියෙන නිසා කට්ටියම කලබලෙන් ලෑස්ති උනා..
" ඔන්නී ... කෝල් එකක් ... "

මේසේ උඩ තිබුන සෙඔල් ගේ phone එක රින්ග්ස් යද්දි චෝහි කෑගැහුවේ හොටෙල් රූම් එක දෙදරලා යන්න...

සෙඔල් කිසිම පිලිතුරක් නොදීම කාමරෙන් එලියට ආවා.... බර අඩි වලින් මේසෙ ලගට ලං වෙලා phone එක අතට ගත්ත එයා එහෙම්මම ආයෙත් කාමරේට ගියේ චෝහි සෙඔල් ගේ මේ හැම වැඩක්ම දිහා හොදට බලන් ඉද්දි...

" යොබුසෙයෝ ජිමින් ශී .. "

" ඕ සෙඔලා.... අද concert එක නේද .. Sounds checking පටන් ගත්තේ නෑ නේ ... ? "

" ආනී තවම නෑ... "

" හ්හා... ඔයා හොදින් ඉන්නවා නේද ම්ම්... ඊයේ දේවල් අමතක කරලා දාන්න හොදද... කොහොමත් ඒක පුදුම වෙන්න දේකුත් නෙවේ නේ ... නේද ... "
ජීමින්ගේ කාරුණික හඩ කෙල්ලගේ හිත ටිකක් හැදුවා....

" හ්ම්න් ඔව් ... කොහොමත් එයා එහෙම කරයි කියලා මම හිතුවා.... අනික එයා ගැන හිත හිත මම මගේ දවස නාස්ති කරගන්නේ නෑ... "
කෙල්ල තරහින් කියද්දි ජීමින් ඒක අනුමත කලා...

" ඔව් ... ඔයාගේ ඔම්මා කොහොම උනත් අදටත් ඔයාට ඔයාගේ යාලුවා ඉන්නවා සෙඔල් .. හොදද ... concert එකට කලින් ඔයාගේ හිත ටිකක් හදන්න මට ඕනි උනේ.... "

" මම දන්නවා චිම් ... කුමාඕ ඔයාට.... බය වෙන්න එපා මම හොදින් .. "
කෙල්ල ලා හිනාවකින් කෝල් එක කට් කලත් ඒ හිනාව බර හුස්මක් වෙලා පිට උනා...

*******

කට්ටියම stadium එකට යන්න වාහනේට නැග්ග වෙලේ ඉදන් සෙඔල් හිටියේ වීදුරුවෙන් එලිය බලාගන .... ටේහ්‍යුන් පුළු පුළුවන් හැම වෙලාවකම හැරි හැරී කෙල්ල හොදින්ද කියලා බැලුවා...

" ඔන්නී ... ඔයාට අසනීපයි වගේද .. ? "
සෙඔල් ලගින් වාඩිවෙලා හිටිය සූආ කෙල්ලගේ නළලට අතක් තියලා අහද්දි සෙඔල් සූආ ගේ අත තමන්ගේ අත අතරට අරන් නෑයි කියන්න ඔලුව දෙපැත්තට වැනුවා...

" ඒත් ඔන්නි අද ඉන්නේ අවුලෙන් ... අ අනේ මොකද මේ.. "
ඒ පාර ලිෂූත් සීට් එකේ පිටිපස්සට කැරකිලා නහයෙන් අඩන්න ගත්තේ සෙඔල් ඔලුවේ අත ගහගනිද්දි....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now