° Insulting °

59 14 2
                                    


ටේහ්‍යුන් Pd ගේ කැබින් එකට යද්දි Pd හිටියේ සෙඔල් ලගේ පරණ මැනේජර්යි කියන මනුස්සයා එක්ක හිනාවෙවී කතාබහක ...

" ඔහ් ටේහ්‍යුන් ශී එන්න .. "
Pd හැමදාමත් වගේ ටේහ්‍යුන් ට සැලකිල්ලක් දැක්වුවා ...
ටේහ්‍යුන් අර මනුස්සා දිහාවත් නොබලා ඇවිත් වාඩි උනා ...

" ඇයි Pd හදිසියේම කතා කලේ __ ? "

" ඕ මේකයි ... දල්ජුන් මේ ඉන්නේ ටේහ්‍යුන් .. කිම් ටේහ්‍යුන් .. "
Pd ටේහ්‍යුන් ව අර කෙනාට අඳුන්වලා දෙද්දි එයා හැරිලා ටේහ්‍යුන් දිහා ගොඩක් අවධානෙන් බැලුවා ..

ටේහ්‍යුනුත් අතෑරියේ නෑ .. ලොකු කමෙන් ලාවට හිනාවෙලා හිටියා මිසක ...

" ඔහ් ඔයාද එතකොට අලුත් manager කිව්වෙ ? "
දල්ජුන් ට තිබුනේ ටිකක් බය හිතෙන දිග ඇස් දෙකක් ... එයාගේ බැල්ම ගොඩක් තියුණු උනා ... වයස අවුරුදු හතලිහක් හතලිස් පහක පෙනුමක් එක්ක එයා එයාගේ අතේ ලොකු මුදු දාලා හිටියා ..

ටේහ්‍යුන් ට රිස්සුවෙම නෑ ඒ මනුස්සයගේ appearance එක නම් ...

" දේ මම තමයි ... දල්ජුන් ශී නේද පරණ කෙනා ... මට එයාලා කියලා තියෙනවා එයාලගේ පරණ manager ගැන .. "
ටේහ්‍යුන් නක්කලේට කියලා හැරෙද්දි දල්ජුන් ලොකුකමෙන් දාන් හිටිය අලි ඔලුව ටිකක් බැස්සා ...

" ඉතින් දල්ජුන් ටේහ්‍යුන් ශී කිව්වා ඔයාව මුණගැහෙන්න කැමති බව .. අනික දල්ජුන් කියන්නේ හොද අත්දැකීම් තියෙන කෙනෙක් ටේහ්‍යුන් ශීටත් පුළුවන් නේ දල්ජුන්ගෙන් දේවල් ඉගෙන ගන්න .. "
Pd අපහසුතාව මගහැරගන කතා කරද්දි ටේහ්‍යුන් ඇහිබමක් උස්සලා හිනා උනා ...

" ඔහ් ඔව් .. ඉතින් අපි නිදහස් තැනකට ගිහින් කතාබහ කරමු මිස්ටර් __ "

" ටේහ්‍යුන් .. කිම් ටේහ්‍යුන් "
ටේහ්‍යුන් සීට් එකෙන් නැගිටින ගමන් එහෙම කියලා ඉස්සෙල්ලම කැබින් එකෙන් එලියට ගියේ දල්ජුන් ගේ මූණට දොරත් වහලා ..

******

" ඉතින් ටේහ්‍යුන් ශී ... ටේහ්‍යුන් ශීට එපා වෙලා ඇත්තේ නේද මේ කට්ටිය එක්ක වැඩ කරලත් ..
අනික තරුණ ගෑණුළමයි නේ ටේහ්‍යුන් ශී වගේ තරුණ කොල්ලෙක් ට ලේසි නැහැ ඉතින් ... "
කකුලක් පිට කකුලක් දාගන දල්ජුන් කියද්දි ටේහ්‍යුන් නක්කලේට හිනා උනා...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now