° The Truth °

48 17 17
                                    


" මොකක් ?! Pd එහෙම කරන්න බෑ .. අපි දැන් announce කරලත් ඉවරයි නේ .. දැන් pd ඔයා කැමැත්ත දීලනේ හිටියේ .. හදිසියේම මොකක්ද මේ කියන්නේ .. ? "
සෙඔල් ටිකක් සද්දෙන් කෑගහද්දි pd තරහින් මේසෙට පාරක් ගැහුවා ...

" මම කැමැත්තෙන් හිටියෙ නෑනෙ සෙඔල් .. ඔයාලට ඕන කිව්ව නිසා හා කිව්වට මම කැමැති නෑ මේ වැඩේට .. අනික මොකක්ද මේ මාස නවයක් ? හොඳටම වැඩියි .. මාසයක් ගන්න ඕන්නන් ඒ ඇරෙන්න බෑ .. "
Pd සෙඔල් ට කෑගහද්දි සෙඔල් බැලුවේ එයා එක්කම හිටගන ඉන්න ටේහ්‍යුන් දිහා .. ටේහ්‍යුන් ඉන්නේ හොදටම තරහින් .. එයා බිම බලාගන දත්මිටි කන හැටි සෙඔල් දැක්කා ...

" මාසයක් ? God ! Pd ලිෂූ china යනවා , චෝහි solo යනවා .. ඔයා කියන්නේ මේවා එක මාසෙකින් කරන්න කියලද ? එයාලටත් රෙස්ට් එකක් ඕනි .. "
සෙඔල් හිටියේ කලකිරීමෙන් වගේ pd ගේ මේ වැඩ නිසා ..

" pd ඔයාට බෑ එයාලව බලෙන් තියාගන්න .. එයාලා දැන් ගොඩක් දුරට rules වලින් නිදහස් අය contract එකට අනුව .. "
ටේහ්‍යුන් ඔරවගන කියද්දි pd නක්කලේට හිනා උනා ..

" එහෙම බෑ .. ඔයාලා තාමත් DYD එක යටතේ ඉන්න idols ලා .. ඔයාලා මගේ system එකට පිටින් යන්න හදනවා නම් මාත් action එකක් ගන්නවා .. "
Pd ටිකක් ඔලුවෙන් කිව්වම සෙඔල් ට බයත් හිතුනා එයාගේ නංගිලා ටික ගැන ..

" ඒත්__ "

" හරී එහෙනම් .. මම ඉන්නම් .. මම මෙහෙ ඉදලා එයාලා ගියාවෙ .. මම ඉන්න ටික දවසෙ ඒක අදින්නම් .. එතකොට හරිනේ .. "
සෙඔල් ටේහ්‍යුන් කියන්න ගිය දේ කියන්න ඉඩ නොදී ඔහොම කිව්වම ටේහ්‍යුන් සෙඔල් ගේ අතෙන් අල්ලගත්තා ..

" පිස්සුද සෙඔල් මොනාද කියවන්නේ ? ඔයා කොහොමද ඒක අදින්නේ .. ?

Pd ඔය මාස නවයට මෙයාලගේ promotions බහින්නෙ නෑ .. නිකන් බොරු තීරණ ගන්න එපා .. ! "
ටේහ්‍යුන් තරහින් pd ටත් කෑගැහුවා ... ඒත් හදිසියේම දොරට තට්ටු නොකරම pd ගේ කැබින් එකේ දොර ඇරුනා .. කතා බහේ හිටිය තුන් දෙනාම බැලුවේ අනවසරයෙන් කැබින් එකට ඇතුලු උන කෙනා දිහා ...

" ඔහ්... මම හරිම වෙලාවෙ ආවේ එහෙනම් "
එයා එහෙම කියලා pd ගේ මේසේ පැත්තට එද්දි ටේහ්‍යුන් වගේම සෙඔල් දෙන්නම පුදුම වෙලා හිටියා ..

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now