° Human °

72 18 10
                                    


" මොකක්ද ඔච්චරටම මේ DYD එක අස්සෙ වෙලා තියෙන්නේ... අප්පා අනිවාරෙන් මේවා ගැන දන්නේ නැතුව ඇති...

ඒත්... ඇයි මේ Managers ලා... Backup dancers ලා ට කට්ටිය බය... ආයිශ් මොනාම හරි වෙලා තියෙනවා...

සෙඔල් මොනාහරි හංගනවා... "
තනියම කියෝ කියෝ කොල්ලා ගියේ Staff එකත් එක්ක කතා කරගන්න තිබ්බ වැඩේ බලන්න හිතන්...

*****

" අහ්... අ අනේ ඔන්නී... අපි සෙඔල් ඔන්නිට එන්න කියමුකෝ... මට බයයි... "
ලිෂූ සූආගේ ලගින් ම බිම වාඩිවෙලා කෙල්ලගේ උරහිසේ ඔලුව තියාගත්තා...

" බය වෙන්න එපා... අපි බලමුකො... ටේහ්‍යුන් මැනේජර් නිම් ඉන්නවනේ ... සමහරවිට ඔන්නි එයාට විස්තරේ කියලත් ඇති... "
ඒ හීජින්...

" ඒත් හී ජිනා එයත් ලොක්කෙක්ගේ පුතෙක්... ඔයා ඒක අමතක කරන්න එපා.. අපි කොහොමද විශ්වාස කරන්නෙ එයා අපේ පැත්තට කතා කරයිද කියලා...
චෝහි ඔන්නී... මොනා හරි කියන්නකෝ... "

Practice room එකේ ඇවිද ඇවිද තොලක් හප හප කල්පනා කරන කෙල්ල දිහා බලලා සූආ අහද්දි චෝහි උරහිස් ඇකිලුවේ හිතාගන්න බැරුව...
" මටත් තේරෙන්නේ නෑ සූආ යා... ඔන්නි දැනගන ඇත්තේ... අනික ඔය මිනිස්සු ටික බෆල් එක දානවනේ පුදුම සද්දෙන්...

ඔන්නිගේ කනේ අමාරුවත් එක්ක එයා සද්ද බද්ද එක්ක ගැවසෙන එකෙන් එයාට අමාරු වෙයි නේ...

අපි මොනා හරි කර ගමු... සෝලෝ පාර්ට්ස් ටික අපි ඉක්මනට කරලා ඉවර කරමු.. එතකොට වැඩිවෙලාවක් යන එක්ක නෑ නේ practice ටිකට... "

******

" මේ මිස්ටර් ටේහ්‍යුන් ... පොඩ්ඩක් අර කෙල්ලො ටික ගැන බලපං ඈ... මොනා උනත් කොල්ලො ටිකක් නේ එන්නේ...

සෙඔල් හිටියා නම් ටිකක් බය නෑ... එයත් නෑ නේ... "
ජිමින් staff එකේ කෙනෙක් එක්ක කතා කර කර හිටිය ටේහ්‍යුන් ව දැකලා එතෙන්ට දුවන් ආවේ එහෙම කියන ගමන්...

" මම මැනේජර් නේ... අනිවාරෙන් මටත් වගකීමක් තියෙනවා... උඹ කරදර නොවී හිටාං කො... "
හින්ට් එකටත් එක්ක එහෙම කියලා ටේහ්‍යුන් ආයෙම staff කෙනා එක්ක කතාවට වැටුනේ ජිමින් නළල රැලි කරගන එතනින් යද්දි...

Love-Hate ♡  ( Completed )Unde poveștirile trăiesc. Descoperă acum