° Time Changed °

73 22 17
                                    

" අන්තිම පාර්ට් එක ආයේ ගමු චෝහියා ... "
Monitor එකේ screen එක දිහා බලාගන mixer එක හසුරෝන ගමන් එයා එතන තිබ්බ පුංචි මයික් එකෙන් එහෙම කිව්වේ සීල්ඩ් රූම් එක ඇතුලේ හිටිය චෝහි ඒක අනුමත කරන්න හිස වනද්දි...

" ම්ම් ඒ පාර හොදයි.... මම තව ටිකක් minor කලා.. ටිකක් බස්සලා කියන්න .. chorus එකෙන් නග්ගමු... "
සෙඔල් ගේ ඒ විධානයත් එක්ක චෝහි හඩ බාල කරලා ආයෙත් එයාගේ පාර්ට් එක මයික් එකට කිව්වේ සෙඔල් අතේ ඇගිලි වලින් mixer එකේ පුංචි ස්විච් දෙක තුනක් ඉහල පහල කර කර හෙඩ් phone එකත් වම් කනට තියාගන එයාගේ වැඩේ උපරිමෙන්ම ගිලිලා ඉද්දි....

ඒ එක්කම studio එකේ දොර ඇරුනේ සෙඔල් ඇරුනම එතනම සෝෆා එකේ වාඩිවෙලා හිටිය අනිත් කෙල්ලො තුන්දෙනා ගැස්සිලා යද්දි....
" සෙඔල් ... ඔයාට මම කොහොමද තේරුම් කරන්න ඕනි ආ.... "

ඒ ටේහ්‍යුන් ගේ නොසන්සුන් කටහඬ කියලා ඕනිම කෙනෙක් ට ඉක්මනට හොයාගන්න පුළුවන් උනා..
සෙඔල් ලොකු හුස්මක් පහල දාලා ටේහ්‍යුන් ව ගනන් නොගෙනම එයාගේ වැඩේට අවධානය දුන්නේ ටේහ්‍යුන් ගේ කෑගැහිල්ලට හේතුව හොදින්ම දන්න නිසා...

" okay ... next part එක සූආ ගේ... "
කෙල්ල කැරකෙන පුටුවේ පිට තියාගන හොදට හේත්තු වෙන ගමන් monitor එකේ tracks ටික එක්ක music එක play කලේ ටේහ්‍යුන් අඩියක් හප්පද්දි...

" ආයිශ් ... දැන් ඇති සෙඔල් .. "
කෙල්ල කියාගන්නත් කලින් ටේහ්‍යුන් පැනපු ගමන් music එක play වෙන හෙඩ් phones දෙකේ වයර් එක ගැලෙව්වේ සෙඔල් එක කනක තියන් හිටිය head phone එක තරහින්ම mixer එක උඩට දමලා ගහද්දි....

" යා..... කිම් ටේහ්‍යුන් ... තමුන් නම් මහ වාතයක්.... "
කෙල්ල කෑගහගන නැගිට්ටේ සීල්ඩ් රූම් එක ඇතුලේ හිටිය චෝහිත් ඉක්මනට එතනින් එලියට එද්දි....

" ඔයාගේ කන හොද කරගන්න මට තියෙන උවමනාව වත් ඔයාට නෑ සෙඔල්... මොනාද මේ කරන්නේ...
ඇයි කියන එක අහන්න බැරි... ආ... "

" ච් මැනේජර් නිම් .. මම බබෙක් නෙවෙයි නේ.. මම දන්නවා ඕනි දේ එපා දේ..
ඔයා නැට්ට පාග ගන්න එපා.. මම බලාගන්නම්... "
කෙල්ල රවාගනම එහෙම කියද්දි ලිෂූ ඉක්මනට ඇවිත් සෙඔල් ගේ අතක එල්ලුනේ කෙල්ලට තරහා ගිහින් බඩු පොලේ ගහයි කියන බයට...

Love-Hate ♡  ( Completed )Wo Geschichten leben. Entdecke jetzt