° Anger °

78 20 53
                                    


" ඇතුලට එන්න .. "
දොරට තට්ටු කරන සද්දේ නිසා හෝසෙඔක් එයා අයිස් බෑග් එකකින් කකුල තවමින් හිටිය trainee වත් පුටුවකින් ඉන්දවන ගමන් ඒකට පිලිතුරු දුන්නා...

දොර ඇරන් ඇතුලට ආවේ හෝසෙඔක් බලාපොරොත්තු උන කෙනෙක් ..
" එන්න හී ජින් ... මම පුංචි වැඩක් .. මට විනාඩි පහක් දෙන්න .. "
හෝසෙඔක් එහෙම කියලා අර පිරිමි ලමයගේ කකුලත් ටිකක් බලලා එයා එක්ක ආව එයාගේ යාළුවත් එක්ක එයාව ආපහු යවන කන් හී ජින් නිශ්ශබ්දව අහකින් වාඩිවෙලා හිටියා...

හෝසෙඔක් ඒ දෙන්නව යවලා දොරත් වහලා අත් දෙකත් පිහිද ගන්න ගමන් ඇතුලට එද්දි කෙල්ල කකුල් දෙකත් හප්ප හප්ප වාඩිවෙලා ඉන්නවා..
" හී ජිනී නිකන්ද ආවේ ... ? "
හෝසෙඔක් තවමත් කෙල්ලට වෙනසක් නොකර කතා කලේ පුංචි හිනාවකුත් දාලා...

" හ්ම්ම් ඔන්නි කිව්වා ඔප්පව හම්බෙලා කතා කරන්න කියලා... ඒකයි ආවේ .. "
කෙල්ලට නම් හෝසෙඔක් ගේ මුණ බලන්න බැරි කමටද කොහෙද එයා අහක බලන් හිටියා...

" ඔහ් එහෙමද .. ඔන්නි බැන්නද ? "
හෝසෙඔක් ඇහැක් හීන් කරලා එහෙම අහන ගමන් හී ජින් ලගින්ම අනෙක් පුටුවෙන් වාඩි උනා...

කෙල්ල අහක බලාගනම ඔලුව ඉහල පහල හොලවද්දි හෝසෙඔක් ආයෙත් කට ඇද කලා..
" අයියෝ මියානේ හී ජිනා .. මම කිව්වා තරහා ගන්න එපා කියලා ... මියාන් ... "

" ඒකට කමක් නෑ ඔප්පා .. ඔන්නි තරහින් නෙවේ හිටියේ ... එයාගේ හිත රිදිලා මම නොකිව්ව එකට .. "
කෙල්ල වාඩිවෙලාම දණහිස් දෙක එකට හප්ප හප්ප කියද්දි හෝසෙඔක් හුස්මක් පිට කලා....

" ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ... ඔයා මේවා හිතලා ආයෙත් ස්ට්‍රෙස් වෙයි කියලා සෙඔල් බයෙන් ඉන්නේ ... "

" ආනී .. මම හොදින් ඉන්නේ .. මම ආවේ ඔප්පගෙන් සමාව ගන්න .. "
හී ජින් තොල් ඇදලා හිනා වෙද්දි හෝසෙඔක් ටිකක් පුදුම උනා...

" ඒකට කමක් නෑ මම තරහා නෑ ... ඔයා මට මගේ නංගි කෙනෙක් වගේ හී ජින් .. ඔයා දන්නවනේ මම හොයලා බලන්නේ , කතා බහ කරන්නේ ඒ හැඟීමෙන් ...
වෙන දෙයක් නම් මම ඇත්තටම හිතන් ඉදලා නෑ ... "
හෝසෙඔක් අපහසුවෙන් කියලා දාද්දි හීජින් පුංචි හිනාවකින් ඔලුව වැනුවා...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now