° My Problems °

84 22 15
                                    


" මේක මට බලා ගන්න පුළුවන් මැනේජර් නිම් ... මම කියන්නේ ඔයා ඔයාගේ තැන ඉන්න ..."

" ඒත් pd nim ඒක Harassment එකක්... එයාලාට පුළුවන් pd nim ට විරුද්දව නඩු දාන්නත්....

අනික මම මැනේජර් නේ එයාලගේ.... "
ටේහ්‍යුන් හිටි තැනින් නැගිටලා PD ට මූණ ලා හිට ගත්තා.... දෙන්නගෙම තරහින් අත් මිටමෙලවෙලා තිබුනා...

" කිම් ටේහ්‍යුන් ශී .... මේක කාලයක් තිස්සේ මම කරන් ආව රස්සාව... ඔයා එනවද මට උගන්නන්න... "

" අප්පා මේවා දන්නවද pd nim .. අප්පත් සම්බන්ධ ද.... එහෙම උනොත් නම්.... "

" මට උවමනා නෑ ඔයා එක්ක රණ්ඩු වෙන්න මැනේජර් නිම් ... මම ඔයාට හොදින් සැළකුව බව මම දන්නවා...

මෙතන කලින් හිටිය මැනේජර්ස් ලා එයාලගේ වැඩේ විතරක් කරගන ලස්සනට හිටියා... ඔයත් එහෙම හිටියොත් අපි කවුරුත් ප්‍රශ්න ඇති කරගන්න ඕනි නෑ නේ.. නේ... "
කැරකෙන පුටුවේ වාඩිවෙලා ඉන්න අතරේ pd නක්කල් හිනාවක් එක්ක එහෙම කිව්වේ අත්දෙක එකට තියලා ගැට ගහගන්න ගමන්...

ඒත් ඒකට නම් ටේහ්‍යුන් ට තවත් තරහා ගියා... මේ ගෙවුනු දවස් කීපෙට එයා දැක්කා සෙඔල් වගේම එයාගේ මුලු group එකම කන කට්ට කොහොමද කියලා....
ඒ තරමක් කරලත් මේ වගේ දේවලුත් නොදැක්ක නොහැගිච්ච ගානට ඉන්න එක කෙල්ලෝ විදියට එයාලට ලේසි නෑ....

අනිත් අතට එයාලගේ පැත්තට කවුරුත් නැති බවත් ටේහ්‍යුන් ට තේරුනා....
" ආනී pd නිම්... මේක නීති විරෝධී ... අනිත් මැනේජර්ස් ලා වගේ මම නිකන් බලන් ඉන්නේ නෑ... මේක මගේ අප්පගේ company එක...

කොහොමද ඔයා මේවගේ ලොකු ප්‍රශ්නයක් සුලුවෙන් තකන්නේ...
මේ building එක අස්සෙ කොයි තරම් නම් මේ වගේ සිද්ධි වෙනවා ඇතිද.... මං හිතන්නේ නෑ ඔයා ඒවා නොදැනයි මේ ඉන්නේ කියලා.... "

ටේහ්‍යුන් කොහොම කලත් පරාජය පිලිගන්න පාටක් නෑ... අනික එයාට බෑ කලින් අය වගේ ඇස් පියාගන ඔහේ ඉන්නත්...
සෙඔල් ගේ ඇස් වල තිබ්බ අසරණ කම කොල්ලගේ හිත සැරින්සැරේ පාරනවා.... එයා නොහිතුව තරම් මේ building එක ඇතුලේ ගෑනුලමෙක් කියන කෙනාට කිසිම ගෞරවයක් පේන්න නැති බව මතක් වෙද්දි කොල්ලට තමන්ගේ සීමාවල් අමතක උනා....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now