° I Love U °

60 18 26
                                    

කට්ටියම කදුළු පිහ දදා back stage එකට ආවා ...

" ඔයාලා හොදට කලා .. "
ටේහ්‍යුන් back stage එකේ ඉදන් කට්ටියටම කියද්දි කෙල්ලො ටික හිනා උනා ..

ඒ හැරෙනකොටයි සෙඔල් දැක්කේ එයාලා back stage එකේ birthday party එකක් organise කරලා කියලා ..

Pop ! 🎉️ සද්දෙන් සෙඔල් ගේ මූණට මොකක්දෝ එකක් පිපිරෙව්ව ජීමින් ව දැක්කම සෙඔල් පුදුම උනා ..

" Happy Birthday Seol "

ජීමින් එහෙම කියලා කෑගැහුවම කදුළු පුරවන් හිටිය සෙඔල් හිනා උනා ...

" දෙයියනේ ඔයාලා පාටිත් ලෑස්ති කලාද ? "
සෙඔල් චෝහිලා දිහාත් ඇස් ලොකු කරලා බලලා අහද්දි ලිෂූ හිකි හිකි ගාලා හිනාවෙලා සෙඔල් ගේ අතේ එල්ලුනා ...

" නැතුව කොහොමද හුම් "

ලිෂූ එහෙම කිව්වම සෙඔල් ලිෂූගේ බෝල කම්මුලක් කෙනිත්තුවා ...

" කුමාඕ ඔයාලට ... "
සෙඔල් ඇත්තටම සතුටින් හිටියා .. එයාගේ උපන්දිනේ එයාට අමතක උනාට අනිත් හැමෝටම මතක තිබුනා ...

" චිම් ඔයත් ආවද එහෙනන් "
සෙඔල් හිනාවෙද්දි ජීමින් සෙඔල් ගේ කරෙන් අත දාගත්තා ..

" ඔයාගේ බෙස්ටා නැතුව මොන පාටිද කෙල්ලෙ .. "
ජීමින් එහෙම කියලා සෙඔල් ව තල්ලු කරන් රවුම් මේසය උඩ තියලා තිබුන කේක් එක ලඟට එයාව එක්ක ගියා ...

මේ හැමදේම දිහා අහක ඉදන් ටේහ්‍යුන් බලන් හිටියා .. එයා ට පොඩි ඉරිසියාවක් තිබුනා ජීමින් එන එකට ඒත් ටේහ්‍යුන් දැන් දන්නවා සෙඔල් ජීමින් දෙන්නා යාලුවො විතරක් බව ...

" ඔයාලා මෙච්චර ලෑස්ති කලාද ... ? God ! මට අමතක උනා මගේ උපන්දිනේ .. Thank You ඔයාලට .. "
සෙඔල් සතුටින් හිනා උනා ... එයා ස්තූති කරන ගමන් හැරිලා අහකට වෙලා හිනාවෙලා බලන් ඉන්න ටේහ්‍යුන් දිහාත් බැලුවා ...

" ඒයි කිම් ටේහ්‍යුන් .. මෙහෙ එන්න කේක් එක කපන්න "
ජීමින් කතා කලාම ටේහ්‍යුන් හිනා උනා ..

" ඔයාලා කපන්න අනේ "
ටේහ්‍යුන් එහෙම කියලා අත වැනුවේ එයා ඕන නෑ කියන්න ...

" අයියෝ ඔප්පා .. "
ඒ පාර හීජින් ...

" පණ්ඩිතයා නොවී මෙන්න මෙහෙ එනවා මිනිහො .. "
ජීමින් ගිහින් බලෙන්ම ටේහ්‍යුන් ව ඇදන් එද්දි සෙඔල් කේක් එක දිහා බලාගන හැරිලා අහකට හැරීගන හිටියා ...
ජීමින් ටේහ්‍යුන් ව සෙඔල් ගේ ලඟට දාලා එහාට උනාම ටේහ්‍යුන් සෙඔල් දෙන්නම ගැස්සුනා .. ටේහ්‍යුන් රිට වගේ හෙලවෙන්නෙත් නෑ දැන් ..

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now