° Black Tea °

81 17 51
                                    

" Pd මම මොකක්ද දැන් කරන්නේ.. මට තේරෙන්නේ නෑ .. "
සූආ pd ගේ කැබින් එකේ වාඩිවෙලා මේසෙට ඔලුව තියාගත්තා....

" හ්ම්ම් දැනට මම මේක deny කලා.. ඒත් සූආයා අපිට ස්ථීරවම කියන්න බෑ එයාලා නිකන් ඉදී කියලා... ඔයාට විරුද්ධව තවත් victims ලා ආවොතින් මේක අපිට legally තැනට වෙනකන් අරන් යන්න වෙනවා.. "
Pd ටිකක් තදින් කියද්දිම සෙඔල් කැබින් එකට ආවේ සූආට fruit juice එකකුත් අරගන ..

ඒකත් කෙල්ලට දීලා සෙඔලුත් එතනින් වාඩි උනා...
" හ්හා.. අනේ සූආයා ඇඩුවා ඇති නේ... අනේ කෙල්ල අපි මේක කොහොම හරි විසදගමු .. "
සෙඔල් හෙමින් හෙමින් සූආගේ පිට අතගාන්න ගත්තේ සූආට pd මොනා හරි කියලා කියලා තේරිලා...

" ච් බලන්න සෙඔල් ... Idoling වලට එනවා නම් එයාලා දැනගන්න ඕනි clear social environment එකක් හදාගන තියාගන්න...

සූආ ඔයා වැරදියි ... මේ වගේ ප්‍රශ්නයක් එක්ක ලේසි නෑ famous idol කෙනෙක් වෙන්න... අනික අපේ DYD එකේ මේ වගේ Scandals ගොඩක් අඩුයි කියලා ඔයාම දන්නවනේ සෙඔල් ...

ඔයාලා වගේ සීනියර් group එකක් මෙහෙම හැසිරුනාම company එකට යන එන මං නෑ නේ... "
Pd හොදටම තරහින් මේසෙටත් එකක් ගහලා කැබින් එකෙන් එලියට ගියේ සූආ වගේම සෙඔලුත් නිශ්ශබ්දව ඒ ඔක්කොම අහන් ඉද්දි...

මෙතනදි සෙඔල් ට බැහැ pd වැරදියි කියන්න .. සූආ ගේ පැත්තෙන් එයා ඉන්නේ ලොකු අවධානමක ..

" හ්ම්ම් සූආයා දැන් ඇති ඉතින්... "

" අනිවාරෙන් එයා කට්ටිය හොයා ගනියි ඔන්නි... අනේ මගෙන් වන්දියක් වත් ඉල්ලයිද .. ? "

" ච් පිස්සුද ළමයෝ ඔයාට චෝදනා කලේ Verbally Abuse ( වාචිකව බලපෑමක් ) එකක් කියලා නේ...ඔයා කාටවත් තුවාල කලේ නෑ නේ... එහෙම වන්දි ඉල්ලන්න බෑ... "

" හ්ම්ම් ඔව් .. මම එහෙම කලේ නෑ ඔන්නි... ඇත්තටම මම හිටියේ stress වෙලා.. ඒ වගේ වෙලාවට ඕනිම කෙනෙක් මුලින්ම බලන්නේ ඒ stress එක පිට කරන්න විදියක් මිසක් ඒක හොදද නරකද කියලා නෙවේ නේ...

ඔන්නිට තේරෙනවා නේද මාව .. "
සෙඔල් ට තුරුල් වෙලා සූආ ඉකිගහන ගමන් අහද්දි සෙඔල් ඔලුව වනන ගමන් සූආගේ ඔලුව අතගෑවා...

" ඔව් මට තේරෙනවා ඔයාව සූආයා... මම දන්නවා ඔයා කොයිතරම් මේ ජීවිතේට ආදරේද කියලා... අපේ vistas ලා අපිව අතාරින එකක් නෑ ... අපි බලමුකෝ හොදේ... "

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now