° Lose °

63 17 40
                                    


Winter Camp එක කට්ටියටම අමතක නොවෙන මතක ටිකක් රැස් කලා .. දැන්ම Shoot කලාට ඒක cast කරන්න තවත් ටික දවසක් යන නිසා සෙඔල් ලා එයාලා එකතු කරපු memories fans ලා අතරට යන්න ඉඩ දුන්නේ නෑ ...

එයාලා Winter games කලා ... ගොඩක් වෙලාවට එයාලා ටේහ්‍යුන් එක්ක රණ්ඩුත් කලා game එකේදි .. ඒත් ටේහ්‍යුනුත් තරුණ කොල්ලෙක් නිසා එයා එක්ක හොර බොරු ලේසි නෑ ... එයාට ඒ හැමදේම නෝට් වෙනවා .. ඉතින් එයා ඉක්මනට ලකුණු කපනවා ...
ඒ නිසා Games වල වැඩිපුර shoot වෙලා තිබ්බේ සෙඔල් වගේම හී ජින් ටේහ්‍යුන් එක්ක රණ්ඩු වෙන තැන් ... මොකද ඒ දෙන්නම හිතාමතා හොර කලා ... ඉතින් producers ලට shoot එකේ ගොඩක් කොටස් edit කරන්නත් සිද්ධ උනා ...

කොහොම හරි රණ්ඩු සරුවල් එක්ක Winter Camp එකේ අන්තිම දවසේ shoot එකත් ගොඩක් හොදින් කෙරුනා ... හැමෝම සතුටින් හිටියා .. සෙඔල් උනත් කාලෙකට පස්සෙ සතුටින් හිටිය දවස් තුනක් ඒක .. ඒ වගේම ටේහ්‍යුන් ...
මැනේජර් කෙනෙක් ට වඩා එයා මේ දවස් ටිකේම හැසිරුනේ ඔප්පා කෙනෙක් වගේ ... ලිෂූ ලිස්සලා වැටෙන හැම පාරකම shoot එක මැද්දට පනින්න බැරි නිසා ටේහ්‍යුන් ගොඩක් වදවීමෙන් එලියේ ඉදන් බලන් ඉන්නේ ...

ඒ වගේම එයා නිතරම හී ජින් අකමැති අයිස් කැප් එක එයාට දම්මෝනවා ... කෙල්ලට ඉක්මනට සීතල අල්ලන බව ටේහ්‍යුන් ට මතක තිබුනා ..

සෙඔල් ටේහ්‍යුන් දිහා බලාගන ඉන්නවා .. ටේහ්‍යුන් හරි බරි ගාලා කට්ටියට උණුසුම් කෑම බීම ගේන්න , ඇඳුම් ගැන හොයලා බලන්න උත්සාහ කරා ... ඒ වගේම ටේහ්‍යුන් සෙඔල් දිහත් ඇහැ ගහන් හිටියා ... එයා නිතරම දැක්ක දෙයක් තමයි සෙඔල් එයාගේ phone එකට වැඩි අවධානයක් දෙන බව ...

" සෙඔල් මොකක්ද ප්‍රශ්නේ ? "
ටේහ්‍යුන් එහෙම ඇහුවේ එයාලගේ camp එකේ last shooting එක කරන්න විනාඩි දහයකට විතර කලින් ..

ඒත් සෙඔල් ගෙන් හරි උත්තරයක් නෑ .... එයා කලින් වගේ ටේහ්‍යුන් එක්ක රණ්ඩු ඇල්ලුවේ නැති උනාට තාමත් ටේහ්‍යුන් අහන වගේම කියන හැමදෙයක් නෑරම සෙඔල් අවධානය දෙන්න ගියෙ නෑ .. ඒ එයාගේ හැටි..

" වූ හූ හ්හ් !! "
කට්ටිය සීතල කඳු පාමුල කැරවෑන් එක ඉස්සරහා ලස්සන වගේම සරල dinner එකකින් එයාලගේ Winter Camp shoot එක එන්ඩ් කලේ එකතු වෙලා කෑගහන ගමන්...

Love-Hate ♡  ( Completed )Tempat cerita menjadi hidup. Temukan sekarang