° Hardness °

87 20 4
                                    


" ඔන්නී ඔයාට අමාරු නම් අපි painkiller එකක් වත් ගමුද... "
වාහනේට නැගපු වෙලා ඉදන්ම සෙඔල් හිටියේ කකුල් දෙක උඩ ඔලුව ගහගන... බලන් ඉදලා බැරිම තැනයි චෝහි එහෙම ඇහුවේ...

" ආනී... ඕනී නෑ... අ අනේ චෝහියා.. හී ජිනී තනියම .. මට බයයිත් වගේ... "
තමන්ගේ අමාරු අහක දාලා කෙල්ල කල්පනා කලේ හී ජින් ගැන...

" මම ජිමිනාට නම් කිව්වා .. එයා කෑගැහුවම නම් ටිකක් අහනව නේ ... "
සෙඔල් ආයෙම කකුල් අස්සේ ඔලුව ගහගන්න ගමන් කිව්වා..

" හ්ම්ම් බය වෙන්න එපා ඔන්නී.. අ අනේ ඔයාට අද පුළුවන් ද.. පළවෙනි දවස නිසා කැක්කුම වැඩිනැද්ද... ? "

සෙඔල් ලාවට හිනාවෙලා ඔලුව වැනුවේ මොන දේ උනත් තමන් වැටුනොතින් අනිත් හැමෝටම මේක කරගන යන්න හයියක් නැතිවෙන නිසා...

Makeup room එකටත් සෙඔල් ඇරුනම ඉතුරු තුන්දෙනා කලින්ම ගියේ කෙල්ල ටිකක් rest කරනකන්...

කට්ටියටම පස්සේ සෙඔලුත් කොර ගගහාම makeup room එකට ගිහින් වාඩිවෙද්දි බඩු ටික හද හද හිටිය ඒ පිරිමි ලමයා කෙල්ල දිහා හොදට බැලුවා..

" නූනා... මොකක්ද ප්‍රශ්නේ .. ඔයා සුදුමැලි වෙලා.. "
ලිප්ස්ටික් එකක් අරන් හැරිලා කොල්ලා එහෙම අහද්දි සෙඔල් ලාවට හිනා උනා..

" මේ පොඩි බඩේ කැක්කුමක්... ඔයා කරන්න... "
Makeup එක නොදා බලන් ඉන්න කොල්ලා දිහාට හැරිලා කෙල්ල කියද්දි එයා ඉක්මනට වැඩේ පටන් ගත්තා...

" ඔයා ටේහ්‍යුන් හ්‍යුන් ව කලින් ඉදන්ම අදුනනවද ?"
එයා ඇහුව ප්‍රශ්නේ නිසා කෙල්ල මෙච්චර වෙලා පියන් හිටිය ඇස් ලොකුවට ඇරුනා...

" ක කවුද කි කියන්නේ.. පුෆ්ෆ් ආනී... "

කෙල්ල ගොත ගගහා කියද්දි කොල්ලට හිනා ගියේ ඉබේටමයි..

" බොරු කියන්න එපා නූනා... මට තේරිලා ඉවරයි...මම දැක්කා ඔයාලා කතා කරනවා..

චහ්... ඉතින් ඇයි ඔයා එයාට එච්චර ම අකමැති ... ටේහ්‍යුන් හ්‍යුන් එහෙම නරක කෙනෙක් නෙවෙයි නේ... "

" හහ්... "
කෙල්ල ඇස් පියාගනම නක්කලේට හිනා උනා...

" හ්ම්ම්... ඔයා එයා එක්ක තරහයි... එහෙම නේ.. ? ඒත් මට සතුටුයි එයා ඔයාලගේ මැනේජර් උන එකට.. "

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now