° Stubbornness °

85 17 41
                                    

තවත් සතියක් ගෙවුනා ... සූආ ගේ promotions හැමදේම තාවකාලිකව නතර කලා ... කෙල්ල හිනාවෙලා හිටියා උනත් තමන්ගේ තැන හිස් තියලා එයාලා choreography එක පුරුදු වෙද්දි හිතට දැනුන වේදනාව සමහර වෙලාවට එයා සෙඔල් ට තුරුල් වෙලා පිට කලා...

තවත් සමහර වෙලාවලට ලිෂූ ඔම්මා කෙනෙක් වගේ සූආගේ හිත හැදුවා ..

සෙඔල් , චෝහි එකතුවෙලා කරපු cover එකටත් හොද ප්‍රතිචාර ලැබෙද්දි එයාලා දිගින් දිගටම concert එකට පුරුදුවෙන්න ගත්තා..

සීතල එන්න එන්නම වැඩිවෙද්දි උනත් එයාලට විවේක ගන්න තරම් කාලයක් ඉතුරුවෙලා තිබුනේ නැති තරම් ..

******

සෝල් concert එකේ රියර්සල් එකට ත් හැමෝම ගොඩක් මහන්සි උනා... හිම වැටෙන්නත් ලග නිසා රියර්සල් එකත් කෙරුනේ ගොඩක් අමාරුවෙන් ....

එයාලගේ performance කීපයටම සැරින් සැරේ ඇදුම් මාරු කරන එකත් ලේසි උනේ නෑ ... ඒත් කෙල්ලො හතර දෙනා පුළුවන් උපරිම හෙට දවසේ concert එකට මහන්සි උනා...

ටේහ්‍යුනුත් පුළුවන් විදියට කට්ටියට උණුසුම් වෙන්න බීම වර්ග , බ්ලැන්කට්ස් ගෙනත් දුන්නේ වදවීමෙන්...
සූආ හිත අවුලෙන් ඉන්න බව දැනගන උනත් එයාලට සිද්ධ වෙනවා කෙල්ල නැතුව මේ concert එක කරන්න ..

" අම්මොහ් හෙට අනිද්දම හිම වැටෙයි වගේ .. "
රියර්සල් එක ඉවර කරලා දුවගන ඇවිත් බ්ලැන්කට් එකක් අස්සට රිංගුව සෙඔල් ගේ ලගින් වාඩිවෙන ගමන් ටේහ්‍යුන් මූණ ඇකිලුවා...

" හ්ම්ම් ඔව් .. ඒ වගේ .. හ්හා... "
කටින් දුමක් වගේ කෙල්ලගේ බර හුස්ම පිටවෙලා යද්දි එයා කෙටියෙන් ටේහ්‍යුන් ට උත්තර දුන්නා...

" සෙඔල් අපි ඇදුම් වෙනස් කරමුද .. ඔයාලා කොහොමද මේ හීතලේ අර ඇදුම් ඇදන් perform කරන්නේ... ? "

" ආනී ... ඕනි නෑ .. choreography එකට ඒක කරදරයක් වෙයි .. ඒකට කමක් නෑ stage නැග්ගම , vistas ලගේ සද්දේ ඇහුනම ඕවා දැනෙන එකක් නෑ... "

සෙඔල් ගේ අදහස උනේ ඒක .. අපහසු කම් එයාලව මේ තරම් දුර ගෙනාව vistas ලගේ මූණු දැක්කම අමතක වෙන තරම් එයාලා ඒ fanbase එකට ආදරේ කලා...

ආයෙත් පරණ විදියටම සෝල් ස්ටේඩියම් එකට යන පාර දෙපැත්තෙන්ම panorama ලගේ posters වගේම LED Screens වලත් panorama ලගේ concert එක ගැන ප්‍රචාරය උනා....

Love-Hate ♡  ( Completed )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ