° Scandal °

77 18 22
                                    

Fan meeting එක ඉවර කරලා කට්ටියම DYD එකට එද්දි ගොඩක් රෑ වෙලා.. ටේහ්‍යුන් ඉක්මනට කෙල්ලො ටිකව පරිස්සම් කරලා ent එක ඇතුලට එක්කන් ගියා...

කෙල්ලො ටික හෙම්බත් වෙලා ඔහේ ඇවිදන් යද්දි හිටි ගමන් සූආට හී ජින් කිති කැව්වේ පුංචි උන් වගේ රණ්ඩුවක් ඇදගන...
සෙඔල් වගේම ටේහ්‍යුන් පිටිපස්සෙන් ගියේ ලිෂූ ඇරුනම අනිත් තුන්දෙනාම පොඩි උන් වගේ මරාගන්න දිහා බලාගන...

" අයියෝ .. "
ටේහ්‍යුන් හිනාවෙලා නළලට අත ගහගත්තේ කෙල්ලො ටිකගේ පිස්සු හැසිරීම දැකලා..

" හ්හා... කුමාඕ ... මැනේජර් නිම් .... "

තමන්ගේ එහා පැත්තෙන් හිටිය සෙඔල් ගේ කටින් පිට උන ඒ වචන ටික ටේහ්‍යුන් ව පුදුම කලා.. කොල්ලා ඇස්දෙකත් ලොකු කරගන සෙඔල් දිහාවට හැරුනා...

" මොහ්.. ? ඔයා ... ඔයා මට මේ ස්තූති කරනවද .. !?"

" ආයිශ් මම එක පාරයි කියන්නේ.. ආයේ කියන්නේ නෑ... "
කෙල්ල කොල්ලටත් රවලා ඉස්සර උනේ එහෙම කියාගන....

" අම් එ ඒත් ඇයි .. ? ඇයි ඔයා මට මේ හදිසියේම ස්තූති කරන්නේ.. "
සෙඔල් ගේ ලගට දුවලා ගියපු ටේහ්‍යුන් එහෙම අහද්දි සෙඔල් තොල් උල් කරලා බිම බලාගනම ඇවිදින්න උනේ උගුරෙන් ගොරවන ගමන්....

" හ්ම්ම් .. හේතු නැතුව නෙවේ නේ.. "

" හරි ඉතින් ඒත් හදිසියේම මොකද මේ.. ? ඔයා මෙහෙම හැසිරෙන්නේ නෑ නේ.. "

" ආහ් මොල්ලා... මට ... මට හිතුනා නිකන් ඔයාට තැන්ක් කරන්න .. ඉතින් මම කලා එච්චරයි ... ඒක හැමදාම බලාපොරොත්තු වෙන්න එපා.. තේරුනාද .. ? "
ටේහ්‍යුන් ට ඇගිල්ලකුත් දික් කරලා බනින ගමන් සෙඔල් අහද්දි ටේහ්‍යුන් තමන්ගේ පැත්තට දික් උන සෙඔල්ගේ දබර ඇගිල්ල දිහා බලාගන ඔලුව වැනුවා...

ඒකට නම් කෙල්ලට පුංචියට හිනා ගියා උනත් එයා ඉක්මනට අහක බැලුවා...
" ඕ ... ඕඕ ඔයා හිනා උනා ... සෙඔල් ඔයා !! "

" නෑ නෑ... මම හිනා උනේ නෑ කට පියන් යමුද මැනේජර් නිම් .. "

" සෙඔල් ඔයා මට සමාව දෙනවද .. ? "
ටේහ්‍යුන් එහෙම අහද්දි කෙල්ල ඉස්සරහට යන එක නතර කරලා එතනම නතර උනා...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now