° Bonds °

83 19 31
                                    


සෙඔල් පුළුවන් උපරිම වේගෙන් ලොබි එක හරහා දිව්වෙ Staff අයත් එයා දිහා අමුතුවට බලද්දි ... ඒත් කෙල්ල දිගටම දුවලා rooftop එකට වෙනකන්ම නතර උනේ නැහැ...

" I hate You All ... ! "
තරහවත් එක්ක එයා හයියෙන් කෑගැහුවේ හිම වහින වැස්ස දිහා බලාගන ... කදුළු පිට කරන්න අකමැති කමට හිර කරන් හිටියා මිසක කෙල්ලට දැන් කෑගහලා අඬන්න තරම් හිතුනා...

හිම එක්ක දැනුන තද සීතල කෙල්ලට සන්සුන් වෙන්න ටිකක් උදව් කලා...
" මාව අමතක උන අයම දැන් මං ගැන වදවෙන්න අරන් චහ්... හැමෝම එකයි .. "

" නැහැ සෙඔල් ... මම විතරයි .. "
ඒ එක්කම කෙල්ලව තිගැස්සුනේ එයාගේ ලගින් ඇහුන ඒ කටහඬ නිසා...

ඒ මිස්ටර් කිම් ... පුංචි හිනාවක් එක්ක එයා කෙල්ලට දික් කලේ කූල් black tea එකක් .. තරහින් රවාගන හිටිය කෙල්ලගේ මූණ ඒක දැක්කම ගොඩක් දුරට වෙනස්වුනා...
" ඔයා කොහොමද ඒක ..... අහ් ටේහ්‍යුන් .. "

එයාට තේරුනා කිම් ට මේ black tea ගැන කියන්න ඇත්තේ ටේහ්‍යුන් කියලා.. මොකද මොන ප්‍රශ්නේ උනත් මොන කාලගුණේ උනත් කෙල්ලගේ හිතට නිදහසක් එන්න එයා black tea එකක් බිව්වෙ සීතල එයාගේ ඇගට සනීපයක් ගේන නිසයි ... ඒත් ඒක දැනන් හිටිය එකම කෙනා ටේහ්‍යුන් විතරයි ....

" හ්ම්ම් එයා මට කිව්වා ඔයා ගල්ගැහෙන හීතලේ කූල් බොන්න කැමතියි කියලා... "
ලගම තිබුන බෙන්ච් එකේ වාඩිවෙන ගමන් කිම් එහෙම කිව්වා....

" ඇයි ආයෙත් ආවෙ .. මට ටිකක් නිදහසේ ඉන්න දෙන්න .. "
Black Tea එකත් උදුරගන කටේ ගහගන්න ගමන් කෙල්ල අහකට හැරුනා ..

" ඔයා දන්නවද ටේහ්‍යුන් Depressed වෙලා හිටිය බව ... ? "
කටේ තිබුන බීම බටේ තොල් වලින් අතාරින ගමන් කෙල්ල හැරුනේ පිටිපස්සෙ බෙන්ච් එකේ වාඩිවෙලා හිටිය එයාගේ අප්පා දිහාවට..

" එයාට අනුකම්පාව දෙන්න තරම් මම ත්‍යාගශීලී නෑ ... මම හැමදේම දුන්නා නේ ඒක ඇරෙන්න ... "
කෙල්ල ආයෙම ඉස්සරහ බැලුවේ එන්න එන්නම වේගවත් වෙන හිම වැස්ස දිහා...

" මෙතනින් වාඩිවෙන්න සෙඔල් ... මට ඔයා එක්ක කතා කරන්න ඕනි ... ස්ස් සීතලයි .. ඔයාට කූල් ප්‍රශ්නයක් නැද්ද ඔයා ලෙඩවෙයි ළමයෝ ... "

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now