° Track °

78 16 110
                                    


දවසක් ඒ විදියට ගතවෙලා ගියේ සෙඔල් නින්දක් නැති තැන studio එකට වෙලා රැය ගෙවලා දාද්දි.....
සෙඔල් ඩෝම් එකේ නැති නිසාම කෙල්ලො ටික උදෙන්ම practice room වලයි studio එකටයි ඔලුව දැම්මේ සෙඔල් ව හොයන්න...

" අනේ අනේ ඔන්නි ... "
Screen එකත් ඔහේ ඔන් කරගන සෙඔල් මේසේ කොනකින් ඔලුව ගහගන ඇස් පියන් හිටියත් ලා නින්දක් එද්දිම කෙල්ල ආයෙත් ගැස්සිලා ඇහැර වුනේ ඒ කටහඬ නිසා...

" ම්ම්හ් ලිෂූ .. ?"
සෙඔල් ඇස් දෙකත් පොඩි කරන ගමන් පුටුවේ හරි බරි ගැහුනේ තමන් ඉස්සරහා ඉනටත් අත් තියාන හිටන් ඉන්න පණ්ඩිත කෙල්ල දිහා බලාගන...

" ඔන්නි මොකක්ද මෙතන කරන්නේ... ඊයේ රෑ ඩෝම් එකට ඇවිත් නෑ ඔයා .. මුළු රෑම මෙතනද හිටියේ... "

" හ්ම්ම් ... කෝ අනිත් අය... අහ් දැන් වෙලාව කීයද ? "
සෙඔල් ට නින්ද නොගිය නිසා එයා ඔහේ කල් ගත කලා මිසක වෙලාවක් යනවා වත් තේරුනේ නෑ ...

" නවයයි .. "
Studio එක ඇරගන ආවේ චෝහි .. කට්ටියම ටිකක් තරහින් සෙඔල් දිහා බලද්දි සෙඔල් ඒ බැල්ම මගෑරලා නැගිට්ටා...

" මම අපේ title track එක ගැන කල්පනා කලා .... "
සෙඔල් පුටුවේ හරිබරි ගැහිලා මේසෙට පිටිපස්ස හරවලා කැරකුනේ එතනට පිටිපස්සෙන් තියෙන සෝෆා එක පැත්තට...

කෙල්ලො හතරදෙනාම ඒකේ පෝලිමට වාඩි උනේ සෙඔල් ගේ කතාවට සවන් දෙන්න...

" මේකයි ... දැන් අපේ කලින් comeback දෙකම Urban pop music වලින් ගිය නිසා මම කල්පනා කලේ අපි වෙනස්ම side එකක් දැන් විස්ටාස් ලට දෙන්න ඕනි ...
නෝමල් girl style එකට වඩා අපි වෙනසක් කරමු ... මොකද ඔයාලා කියන්නේ .. ? "
නින්දක් නැති රතු උන ඇස් ගොඩක් බැරෑරුම්ව තමන් ඉස්සරහ වාඩිවෙලා ඉන්න කෙල්ලො හතර දෙනා දිහාම මාරුවෙන් මාරුවට ගියා...

" ඔන්නි කියන්නේ මේ පාර අපි album එකම වෙනස් කරමු කියලද .. ? "
හී ජින් තොල් උල් කලා...

" අන්න හරි අපි title track එකයි Intro Outro දෙකයි වෙනස් කරලා අනිත් tracks ටික කතා කරගත්ත විදියට දාමු ... "
සෙඔල් පුටුවෙන් කැරකිලා ආයෙත් මේසේ පැත්තට හැරුනේ කෙල්ලො හතර දෙනාට පිටිපස්ස හරවලා...

" මම මේකේ .... ම්ම් කෝ.. අහ් මේක අහන්නකෝ .. "
එයා ගෙවුන රෑ කාලෙම නිකන් ඉඳලත් නෑ .. අලුතින්ම melody වෙනස් කරපු එයාලගේ track එකක් සෙඔල් ප්ලේ කලා..

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now