° Old Story °

81 19 85
                                    


" මම අහගනයි හිටියේ ඔයාලා කිව්ව ඔක්කොම ... ම්ම් මොකද දැන්ම ඉදන් group members ලව bully කරන්නද ලෑස්තිය ආ... ! "
මේ වගේ සිදුවීම් හොදටම handle කරන්න පුළුවන් සෙඔල් ට ... ජීමින් තරම් ඒක දන්න වෙන කෙනෙක් නැති තරම් ... ඒ නිසාම ජීමින් සෙඔල් ට ඉඩ දුන්නා ඒක බලාගන්න .. එයා සම්බෙන්නිම් කෙනෙක් ... එයාට පුළුවන් කතා බහ කරලා මේ වගේ ප්‍රශ්නයක් විසඳලා දාන්න ....

" අ ආනී සම්බෙන්නිම් .. ම් මේ ... "

" හ්ම්ම් මොකක්ද කියන්න හදන්නේ මම දැක්ක දේ බොරුවක් කියලද .. ? ඔයාලා තුන්දෙනෙක් විතර එකතු වෙලා අර ළමයට ඇඬෙනකන් හින්ට් අරිනවා මම දැක්කා .. දැන් ඒක බොරු ද ? "
සෙඔල් ඉනට අත්දෙකත් තියාගන කට්ටියගෙම ඉස්සරහට ආවා...

දීගන්න උත්තර නැති නිසා ඉන්සු වගේම කට්ටියම බිම බලාගත්තා...

" ඔයාලගේ Group Audition එක ලඟයි නේ ද ? මෙහෙම හින්ට් ඇරලාද group එකක් විදියට industry එකේ ඉන්න හදන්නේ ඔයාලා .. ?

Ok .. අපි බලමු ඔයාලා කියන තරම් මෙතන නොගැලපීමක් තියෙනවද කියලා ම්ම් .. ? "
සෙඔල් කට්ටියට එහෙම කියලා බැලුවේ ජීමින් දිහා...
ජීමින් ඔලුව වැනුවේ ප්‍රශ්නයක් නෑයි කියන්න වගේ...

" ඔයාලා එක round එකක් කරන්න .. හරිනේ ... sync වෙන නොවෙන එක මම බලන්නම් .... "
සෙඔල් අත්දෙකත් පපුවට බැදගන ලොකු mirror එක ඉස්සරහින් හිට ගත්තේ එක trainee කෙනෙක් music දාලා කට්ටියම performance එක පටන් ගනිද්දි...

සෙඔල් ගේ මූණ ගොඩක් බැරෑරුම් .. එයා හැම කෙනෙක් දිහාම අවධානය දුන්නා ...

කට්ටියම එයාලගේ උපරිමෙන්ම කරන්න ඇති ... ඒත් සෙඔල් ගේ බැල්ම එක්ක හැමෝම හිටියේ තිගැස්සිලා ..

එයාලා dance එක ඉවර කරද්දි සෙඔල් බැරෑරුම් පෙනුමකින් බලන් හිටියා...
" තාමත් dance එක එක්ක voice දෙන්න අමාරුයි නේ කට්ටියටම .. "
සෙඔල් කට්ටියගෙන්ම එහෙම අහද්දි හති දදා කට්ටිය බිම බලාගත්තා..

" Breath එක Control කරගන්න කියා දෙන්න ඇති නේ ? "
ජීමින් ඔලුව වැනුවේ ඔව් කියන්න.. කොල්ලටත් වස ලැජ්ජාව එයාගේ trainees ලා මෙහෙම හැසිරෙද්දි...

" හරි මම බලන්නම් ආයෙත් කරන්න ... "
ඒ පාර සෙඔල් හැරුනේ mirror එක පැත්තට .. එයා කණ්නාඩියෙන් පේන ප්‍රතිබිම්බේ දිහා බලාගන හිටියේ කට්ටියම ආයෙත් dance එක කරද්දියි .....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now