° Meeting °

84 21 19
                                    

" අනේ කෙල්ලේ අඩන්න එපා ඉතින් දැන්... හොදද... "
තවමත් ලිෂූ සෙඔල්ගේ අතක් බදාගන හිටියේ...

" එයා හිටිය නිසා හොදයි ඔන්නී... මම හිතුවේ නෑ එයා මාව බේරගනී කියලා.. "
කෙල්ල ඉකි ගගහා සෙඔල් දිහා බැලුවා..

" ටේහ්‍යුන් ද... ? "

" ඔව් ඔන්නී... මැනේජර් නිම් එයාව තල්ලු කලා බිම වැටෙන්නම... ඇයි මන්දා ඔන්නී මට එක පාරකට හිතුනා මම එයාට බය උනේ බොරුවටද කියලා... "

" ලිෂූ... එක පාරින් මිනිස්සු විශ්වාස කරන්න එපා... හ්ම්ම් ඇත්ත එයා පේනවට වඩා හොද කෙනෙක් වගේ... "
සෙඔල් නොදන්න ගානට හිනා උනත් කෙල්ල හොදටම දන්නවා ටේහ්‍යුන් කියන්නේ කවුද කියලා...

" ම්ම් මෙන්න... බොන්න ... "
හී ජින් සූආ එක්ක එතෙන්ට ඇවිත් ඇමරිකානෝ එකක් මේසේ උඩින් තිබ්බා..

" කුමාඕ ඔන්නීලා... "
පොඩි කෙල්ල පැනපු ගමන් ඒක අතට ගත්තේ කදුළු ත් පිහදාගන හිනා වෙලා...

" අනේ ඉතින් චූටි එකීනේ අපේ... "
සූආ හිනාවෙලා ලිෂූගේ කම්මුලක් කෙනිත්තුවේ සෙඔලුත් හිනා වෙද්දි...

" මියානේ ලිෂූ පැටියෝ ... අනේ මට තිබුනේ ඔයාලා එක්ක ඉන්න... "
හිනා වෙලා අනිත් අතට සෙඔල් මූණ එල්ල ගත්තේ එහෙම කියන ගමන්...

" පිස්සුද ඔන්නී ... අනේ ඇයි සමාව ගන්නේ... ඔයා අපේ ප්‍රශ්න නිසාම කොච්චරක් නම් කට්ට කාලා ඇත්ද ආ...
ඔය කන හොද වෙනකන් එනවා එහෙම නෙවෙයි ඒ පැත්තේ... "
සූආ ටිකක් සැරෙන් කියද්දි සෙඔල් ආයාසයෙන් හිනා උනා...

" මගේ කෙල්ලො ටික දැන් ලොකු වෙලා... "
ලිෂූගේ ලගින් නැගිටලා සෙඔල් ගිහින් හීජිනුයි සූආගෙයි මැද්දෙන් වාඩිවෙලා ඒ දෙන්නවත් තුරුල් කර ගත්තා...

" මට තාම මතකයි ඔයාලා දෙන්නා Trainees ලා වෙන්න ආව දවස ... "
ලිෂූටත් ලගට කතා කරලා සෙඔල් තුන්දෙනාවම තුරුල් කරගත්තා...

*****
Flashback ...

අවුරුදු 16 දි කෙල්ල ඔස්ට්‍රේලියා ගියාට එහෙ පරිසරයට හුරු වෙන්න එයාට ටිකක් කල් ගියා..
අනික ඔම්මා අප්පා නැතුව තනියම දේවල් කර ගන්න කෙල්ලට ගොඩක් හුරු නෑ...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now