° Dreams °

116 15 30
                                    


After Two Months ...

" ලී සෙඔල් ශී .. තව ටිකක් බැරෑරුම් පෙනුමක් ඕන .. අන්න හරි .. Okay ! "
Director එහෙම කිව්වම සෙඔල් තවත් ටිකක් මූණට බැරෑරුම් පෙනුමක් ගත්තා ..

" Okay .. Shoot .. ! "

" දැන් ඔයා කියන්නේ මම චා ඉයුන් එක්ක කෑමකට ගිය එක වැරදියි කියලද ? ඇයි මට බැරි මම කරන්න ඕන දේ තීරණය කරන්න .. ! "
සෙඔල් ස්ක්‍රිප්ට් එක පාඩම් කරපු විදියටම එයාගේ දෙබස කිව්වා .. එයා තරහින් හැසිරෙන විදියත් ගොඩක් හොදට රඟපෑවා ...
ඒ වගේම සෙඔල් එක්ක එතන හිටියෙ කතාවේ ප්‍රධාන චරිතේ උනේ ජින් ..

" Okay cut ! Good Job Seol shi .. "
Director එහෙම කිව්වම සෙඔල් ඔලුව නැමුවා ...

" කම්සාහම්මිදා .. "
සෙඔල් එහෙම කියලා හිනාවෙලා ජින් දිහාත් බැලුවා ...

" ඔයා දියුණු වෙලා ම්ම් ... "
ජින් හිනාවෙලා සෙඔල් ගේ කර වටෙන් අතක් දාගත්තා ..

" ම්ම් හ්ම් ඔයා තමයි ඉතින් මාව දියුණු කලේ ... "
සෙඔල් හිනාවෙවී ජින් එක්ක කතා කලා ...

" මොකද කියන්නේ ? අද lunch ගන්න යමුද ? "
ජින් එහෙම අහද්දි සෙඔල් උගුරෙන් සද්ද කරලා ඇස් කැරකෙව්වා ..

" අහ්හ් ඔයා දන්නවනෙ තාමත් මට නීති .. "

" ඔයාගේ මැනේජර් හරි නීතිකාරයා නේද ? "
ජින් හිනාවෙවී අහද්දි සෙඔල් කට ඇද කලා ...
" ඔයාලා අතර idol , manager සම්බන්ධයක් විතරක් නම් වෙන්න බෑ .. මට ස්තීරවම කියන්න පුළුවන් ඒ ගැන නම් ..."

ජින් එහෙම කියමින් ඔලුවෙන් සෙඔල් ට පෙන්නුවේ Shooting set එකේ කට්ටිය අතරේ සෙඔල් ව හොයමින් ඉන්න ටේහ්‍යුන් ව ..

" ඔහ් එයා ඇවිල්ලත් එක්ක ද ? "
සෙඔල් phone එකෙන් වෙලාව බැලුවා ...

" හ්ම් හ්ම් යන්න යන්න එහෙනන් .. "
ජින් නක්කලේට හිනාඋනාම සෙඔලුත් ජින් එක්ක හිනා උනා ..

" මම ගිහින් එන්නන් .. හෙට හවස හම්බෙමු ඔප්පා .. "
සෙඔල් හිනාවෙලා සෙට් එකේ අයටත් සමුදෙන අතරේ ටේහ්‍යුන් අත් ඔරලෝසුවෙන් වෙලාව බල බලා සෙඔල් ට රවනවා ..

" ස්ස්ප්ප් .. පරක්කුයි සෙඔල් .. "
ටේහ්‍යුන් තරහින් කියද්දි සෙඔල් ටේහ්‍යුන් ගේ ලඟට දුවන් ආවා ..

Love-Hate ♡  ( Completed )Donde viven las historias. Descúbrelo ahora