° Don't Be °

77 21 65
                                    


" තව අවුරුද්දක් ඉන්න ම්ම්... මම පොරොන්දු වෙනවා ඔයාලට නිදහසේ කෙනෙක් ව හොයාගන්න පුළුවන් විදියට මම Dating කරන්න අවසර අරන් දෙන්නම් ...

ම්ම්.. මම දන්නෑ ඒ ඇරෙන්න ඔයාලට මොනා කියන්නද කියලා පැටවු ... "
සෙඔල් අතකින් මූණ වහගනිද්දි අනිත් අතෙන් ලිෂූව තද කරලා බදාගත්තා....

ලිෂූ ඉකි ගහන ගමන් සෙඔල් ගේ ඇදුමේ අතක් ගුලි කරලා අල්ලගත්තා...
" මියානේ ඔන්නී ... අ_හ් අපි ... "

" It's Okay Lixu ... මට ඔයාලව තේරෙනවා ... "
සෙඔල් ටත් දුකයි ආව ගමන් කට්ටියටම බැනගන බැනගන යන්න උන එකට ..
" ඔයාලා මා එක්ක තරහද ? මාව පිට කෙනෙක් කරන්න එපා චෝහියා .. දන්නවනේ මම තනිවෙන්න බය බව ... "
හදිසියේම කෙල්ලට තුරුලු උන චෝහි වගේම සූආ දෙන්නගෙත් ඔලුව අතගාන ගමන් කෙල්ල එහෙම කිව්වේ ටේහ්‍යුන් ලග ඉන්න බවත් දැනගනමයි...

ටේහ්‍යුන් නෑහුන ගානට කැම ටික මේසෙන් තියද්දි සෙඔල් බලන් හිටියේ හී ජින් තොලක් හපන ගමන් අහක බලන් ඉන්න හැටි...
" හී ජිනී .... හෝසෙඔක් ඔප්පා එක්ක ටිකක් කතා කරන්න පැටියෝ හොදද ... අනේ මා එක්ක තරහා වෙන්න එපා මම දන්නවා ඔයාලාටත් දැන් එපා වෙලයි ඇත්තේ..

ඒත් ... ඔයාලා එක්කෙනෙක් හරි මට නැති උනොත් මම කොහොමද ... ? මට ඔයාලා ගැනයි බය ... පරිස්සම් වෙන්න ම්ම් ... අනේ මට ඔයාලව නැතිකරගන්න බෑ හී ජිනී ඒකයි මම____"

" මියානේ ඔන්නි ... ඔයා කලිනුත් මං නිසා මෙහෙම දුක් උනා ... මම ආයේ එහෙම වෙන්න දෙන්නේ නෑ හොදද ... "
කෙල්ලො තුන් දෙනෙක් තුරුලු කරන් කඳුලු හලමින් හිටිය සෙඔල් ලගට හී ජින් දුවන් ආවා... සෙඔල් ගේ කම්මුල් පිහදාන ගමන් හී ජින් එහෙම කියද්දි සෙඔල් ට තවත් ඇඬුනා..

" අනේ මගේ පැටවු ටික .. "
කට්ටියටම ඒකට හිනා යද්දි සෙඔල් එහෙම කියලා හතර දෙනාවම වැලඳගත්තේ කෙල්ලො හතර දෙනාම පුංචි හිනාවක් එක්ක සෙඔල්ට තුරුල් වෙද්දි...

******

සෙඔල් බුරුල් උන නහයත් ඇද ඇද dorm එකෙන් එලියට ආවේ ටේහ්‍යුන් කට්ටියගෙම හිත හදමින් කෑම ටික එයාලට වෙන් කරද්දි...

" සෙඔල් ... "
පිටිපස්සෙන් ඇහුන කටහඬ එක්ක කෙල්ල ටිකක් නතර උනා ... නහය ඇද ඇදම එයා හැරිලා බැලුවා....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now