° Thank You °

54 16 25
                                    

ටේහ්‍යුන් ගෙයි එයාගේ ඔම්මා ඔලීවියාගෙයි ආදරේ දිහා බලාගන කල්පනාවේ හිටිය සෙඔල් සිහියට ආවේ එයා ඇලීගන හිටිය දොර හදිසියේම ඇතුලට ඇරුන එකෙන්.. කෙල්ල නොවැටී බේරුනා උනත් දොර ඇරන් එලියට ආව ටේහ්‍යුන් නිසා සෙඔල් ව ෆ්‍රීස් වෙලා ගියා...

" සෙඔල් ? "
ටේහ්‍යුන් පුදුම උනා සෙඔල් ව දැකලා ... ඊටත් එහා කෙල්ල හිටියේ බය වෙලා .. එකක් හදිසියේම ටේහ්‍යුන් ගේ පපුවේ ඔලුව ඇනුන එක .. , අනික ටේහ්‍යුන් අකමැති බව දැන දැනත් එයාගේ පවුලේ දේවල් වලට සම්බන්ධ උන එක ...

ටේහ්‍යුන් හිස් හැඟීමෙන් සෙඔල් දිහා බලන් ඉද්දි සෙඔල් හුස්මක් අරගත්තා...
" ඔයා කොයිවෙලේද ආවේ ? "

" අම් මම .. මම මේ දැන් ආවේ .. අජුම්මා හොදින්ද බලන්න ඕනි උනේ ... මම යන්නම් .. "
පුංචි හිනාවක් දාලා සෙඔල් එතනින් යන්න හැරුනේ ටේහ්‍යුන් කිසි දෙයක් කියන්න කලියෙන්...

" එ ඒත්__ "
ටේහ්‍යුන් කතා කලා උනත් කෙල්ල ඉක්මනට හැරිලා ගියේ මිස්ටර් කිම් ට වත් සමු නොදී ..

" එයා කොයිවෙලේ ද ආවේ අප්පා ? තනියමද ආවේ ?"
යමින් ගමන් ඉන්න කෙල්ලව පෙන්නලා ටේහ්‍යුන් එහෙම අහද්දි මිස්ටර් කිම් කට ඉරක් වගේ කලා..

" දැන් ටිකක් වෙලා ... ඔයා ආන්ස්වර් නොකල නිසා මම සෙඔල් ට කෝල් කලා... එවෙලේ ඉදන් මෙහෙට දුවන් ඇවිත් .... "
මිස්ටර් කිම් එහෙම කිව්වේ ටේහ්‍යුන් ගේ උරහිසටත් අතක් තියලා...

" ච් මොකක් ... media එහෙම නිකන් හරි හිටියා නම් මොනාද දෙන උත්තර .. "
ටේහ්‍යුන් නළල රැලි කරන් ඈතට යන කෙල්ල දිහා බලන් හිටියා...

" කෙල්ල බය වෙලා අදල් .. මාත් බය උනා ඔලීවියා ගැන ... සර්ජරි එක හොදට කෙරුනොත් දෙයියනේ කියලා .. හ්හාහ් "
මිස්ටර් කිම් හැරිලා බැලුවේ ඔලීවියාගේ හොස්පිටල් රූම් එක දිහා...

" එතකොට ඇයි මාව දැකලා යන්නේ අර .. ? "
ටේහ්‍යුන් එහෙම ඇහුවත් මිස්ටර් කිම් දන්නේ නෑයි කියන්න ඔලුව වැනුවේ කෙල්ල දිහා වදවීමෙන් බලන ගමන් ....

අත්දෙකත් පට පටල සෙඔල් හෙමි හෙමින් කොරිඩෝ එක දිගේ ඉස්සරහට ගියේ හදිසියේම දැනුන අපහසුතාව නිසා හැරිලා ආව එකට පසුතැවෙන ගමන්...
" ආයිශ් .. අජුම්මගේ සර්ජරි එක වෙනකන් වත් ඉන්න තිබ්බා ... ච් ඇයි මම මේ හැරිලා යන්නේ .. "
තොලකුත් හපන ගමන් කෙල්ල වට පිට බල බල මූණත් හංගන් ඉස්සරහට ගියා..

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now