° You are Not °

89 22 84
                                    

සෙඔල් හදිසියේම කතා කරපු නිසා ටේහ්‍යුන් ටිකක් බයත් උනා.. හවස ඉදන් තමන් Ent එකේ හිටියේ නෑ නේද කියලා හිතෙද්දි කොල්ලා ටිකක් වේගෙන් වාහනේ පැදෙව්වෙ තමන් නැති අතරේ මොකක්ම හරි ගැටලුවක් වෙලා නම් ඒකට අනිවාරෙන්ම වග කියන්න වෙන්නෙත් තමන්ටම නිසා...

අනික pd ට නොකියා එලියට ආව නිසා අනිවාරෙන් pd ගෙන් බැනුම් අහන්න වෙන බවත් ටේහ්‍යුන් දැනන් හිටියා...

තවත් පැය කාලක විතර ගමනකින් පස්සෙ ටේහ්‍යුන් DYD එකට ආව.. ඉක්මනට වාහනෙත් පාර්ක් කරලා ඉක්මනට දිව්වෙ සෙඔල් ලව හොයාගන...

" ඔහ් ... හී ජිනා... සූආ ... හැමදේම හොදින් නේද .. ? "
වේගෙන් ඇවිදගන ආව නිසා කොල්ලට ටිකක් මහන්සිත් එක්ක...
ටේහ්‍යුන් ගෙ කලබල මූණ දැක්කම කෙල්ලො දෙන්නා ටිකක් පුදුම උනා...

" ඔ ඔව් ඔප්පා... ප්‍රශ්නයක් නෑ අපි මේ practice වලින් කට්ටි පැන්නා.. "
කෙල්ලො දෙන්නා හිකි හිකි ගාලා හිනාවෙද්දි ටේහ්‍යුන් හුස්මක් පිට කලා..

" කෝ සෙඔල් ? "

" අහ් ඔන්නි studio එකේ .. "
හී ජින් ගෙ පිලිතුරත් එක්කම ටේහ්‍යුන් වේගෙන් එතනින් ගියේ කෙල්ලො දෙන්නා ටිකක් මූණට මූණ බලද්දි..

" එයා රතු වෙලා... ඇයි ඒ හී ජිනා... දාඩියත් දාගන බයත් වෙලා... මොකක් වෙලාද .. ? "

" අනේ මන්දා.. "
දෙන්නම උරහිස් අකුලලා එතනින් cafe එක පැත්තට ඇවිදන් ගියේ අත් දෙකත් පද්ද පද්ද....

*****

" දෙවියනේ එයා මේ තරම් අඩලා ඇයි..... අහ් මං හින්දද... ? "
Studio එකට දුවන් ආව ටේහ්‍යුන් ව දැක්ක ගමන් කෙල්ලගෙ අවධානය ගියේ ඒ රතු උන ඇස් වලට...
කොල්ලගේ කම්මුල් උනත් හොදටම පෙගිලා ගිහින් ..... ලාවට හති දදා එයා ඇතුලට එද්දි ඒ ඇස් වල වේදනාවක් තියෙන බව කෙල්ලට දුර තියාම දැනුනා....

" ඔමොහ්.... මේ එන්නේ අපේ මැනේජර් නිම් ... ඉතින් රස්සාව මොකක්ද කියලා අමතක උනාද එලියට බැස්ස ගමන් ආ.. "
හිතේ එකක් තියාගන ටේහ්‍යුන් දිහවට පුටුව කරකවලා හැරෙන ගමන් සෙඔල් එහෙම ඇහුවේ සමච්චලේට වගේ...

" සෙඔල් ... ඔයා මේ මහ රෑ මට කෝල් කරලා එන්න කිව්වෙ හදිස්සියක් ද.. ? "

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now