° New Character °

81 22 58
                                    


හොස්පිටල් එකෙන් Ent එකට එන අතරේ ටේහ්‍යුන් ගෙයි සෙඔල් ගෙයි අතර ඒ හැටි කතාබහක් උනේ නෑ ... කොහොමත් ටේහ්‍යුන් සෙඔල්ට ඒ හැටි අවධානයක් නොදුන්න එකත් ඒකට එක හේතුවක්...

DYD එකට ආව ගමන් දෙන්නම වාහනෙන් බැස්සා ... කෙල්ල කතා නොකරම ටේහ්‍යුන් ව ඉස්සර කරලා practice room පැත්තට යද්දි ටේහ්‍යුනුත් ඒ හැටි කතා කරන්න උත්සාහ නොකර එයාගේ room එකට ගියේ ඇඟට දැනුන මහන්සිය නිසා....

" ම්ම්හ් සෙඔල් ශී ... "
ඒ යන අතර මග කෙල්ලට මුණගැහුනේ staff එකේ එක බෝයි කෙනෙක් ..

" ඔහ් අන්‍යොන් .. "

" අනේ ටේහ්‍යුන් ශී ව මුණගැහුනලු නේද ... මම එයාගේ room එකටත් ගියා ඒ වෙද්දි එයා හිටියේ නෑ ... කොහෙද pd nim මට කෑගැහුව නේ හොයන්න කියලා ... "
ඒ බෝයි මූණ ඇද කලේ එහෙම කියලා...

" ඕ දේ .. "
කෙල්ල ඒ හැටි ගානක් නොගෙන හිනාවක් දැම්මා.....

" අනේ මන්දා සෙඔල් ශී ... ටේහ්‍යුන් ශි ලඟකදි ඉදන් ටිකක් අමුතුයි ... "
ඒ බෝයි කියපු කතාව එක්ක සෙඔල් ටිකක් අවධානය දුන්නා...

" ඒ කිව්වෙ ... ?"

" එයා ගේ room එකත් ගොඩක් අපිලිවල වෙලා .... ටේහ්‍යුන් ශී හරි හොද මනුස්සයෙක් අනික එයා ගොඩක් පිලිවල කෙනෙක් ...

මම ඔය තුන්වෙනි පාර ටේහ්‍යුන් ශී ගේ room එකට ගියේ.. මම , ටේහ්‍යුන් ශී ඊට පස්සෙ අපේ අලුත් බෝයි group එකේ මැනේජර් චායුන් ශී අපි කට්ටිය නිතරදෙවේලේ මුණගැහෙන අයනේ...

ඒත් කලින් පාරට වඩා ටේහ්‍යුන් ශී දැන් අපිලිවල වෙලා ... එයාගේ room එකේ උනත් කාපු බීපු දේවල් ඔහේ එක එක තැන්වල ...

මුළු ඩස්ට් බින් එක පිරෙන්නම Black Tea Cups තිබ්බා ... අනේ මන්ද මේ හීතලේ අහවල් එහෙකට ඒ තරම් කූල් බිව්වද කියලා ...

මේ මනුස්සයා ලෙඩ නොවී ඉන්නවා පුදුමයි .. "
ඔලුවත් කස කස ඒ බෝයි එහෙම කියද්දි සෙඔල් ගේ ඇහිබැම් ඇකිළුනා....

" ඔයා කියන්නේ එයා රෑට රෑට black tea බීලා කියලද .... මේ සීතලේත් ... ? "

" ඔව් නේ සෙඔල් ශී ... අනේ මම මේ හම්බෙනකන් ඉන්නේ .. අහන්න ඕනි මොකද කියලා ... "
සෙඔල් ඒකට කිසි ප්‍රතිචාරයක් දැක්කුවේ නෑ .. එයා නිශ්ශබ්දව ඒ staff boy වත් පහුකරන් ඉස්සරහට ගියා....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now