° Selfish °

88 21 22
                                    


" මම ඔලීවියා අජුම්මාටයි ටේහ්‍යුන් ටයි සාප කලොත් .... මම හිතක් පපුවක් නැති ආත්මාර්තකාමී කෙල්ලෙක් වෙයිද ... ? "

බෙල්ල දිගේ පහළට යන දාඩිය බිංදු සුදු පාට face ටවල් එකකින් පිහිදන ගමන් සෙඔල් වාඩිවෙලා හිටිය ජීමින් ලගට ඇවිත් හිට ගත්තා...

" මොකක් ... ? සොල්මා .. ! "

" මට කියන්න චිම් .. මම එයාලට වැරැද්ද දාලා එයාලව රිජෙක්ට් කරන එක ආත්මාර්තකාමීයි ද ... ? "

" සෙඔල් මොකක්ද ඔයා එයාලට කිව්වෙ .. අජුශ්ශී එක්ක රණ්ඩු උනාද .. ම්.. ? "
බෙන්ච් එකෙන් නැගිටලා වතුර බෝතලයක් කෙල්ලගේ අතේ පටලන ගමන් ජීමින් ඇහුවා....

" ඔව් .. මම ටේහ්‍යුන් ගේ මූණටම එයාටයි අජුම්මා ටයි සාප කලා... කසාද බැඳපු මිනිහෙක්ගේ ඇගේ එල්ලුනා කියලා මම කෑගැහුවා ... "
සෙඔල් ගේ ඇස් වල හිස් බවක් විතරක් ගැබ් වෙලා තිබුනා... එයා කිසි ගානක් නැතුව ඔහේ අහක බලාගන වතුර බොන ගමන් ජීමින්ට උන දේ කියද්දි ජීමින් අතකින් නළල මිරිකගත්තා...

" සෙඔල් ඔයා ඇයි එහෙම ? "

" මට උත්තර දෙන්න ජිමිනී ... ඔයාට පේන්නේ මම හිතක් පපුවක් නැතුව ආත්මාර්තකාමී කෙල්ලෙක් වගේ හැසිරුනා වගේද ... ? "

" ඔයා දන්නව නේ... ඔයා මොනා කලත් මම ඔයා__ "

" ආනී චිම් .. ඔයා මගේ වත් ටේහ්‍යුන් ගෙවත් පැත්තක් නොගෙන පිටින් බලන කෙනෙක් නම් ... ඔයා මං ගැන හිතන්නේ මොකක්ද... ?

මම මිනිස්සුන්ගේ හිත් රිදෝලා සතුටු වෙන පිස්සු හැදුන කෙල්ලෙක් වගේද .. ? "
ට්‍රෙඩිමීල් එකට නැගලා ටිකක් වේගේ වැඩි කරන අතරේ සෙඔල් එහෙම අහද්දි ජීමින් උගුර පෑදුවා....

" පිටින් බැලුවොත් .... ඔව් ඇත්තටම ගත්තම ඔයා ටිකක් ආත්මාර්තකාමී නම් තමා ...

ඒත් සෙඔල් මම කියන්නේ ටේහ්‍යුන් ගේ වැරැද්දක් නෑ එක අතකට ... ඇයි මේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න නිසා අපේ යාළුකම් කැඩිලා අපි වෙන්වෙන්න ඕනි ... ඇයි එයාලා නිසා එයාලගේ ළමයි විදවන්නේ.... ම්ම්.. "
ජීමින් කූල් වතුර බෝතලෙන් උගුරු දෙක තුනක් කටට හලාගත්තේ හොරැහින් කෙල්ල දිහා බලන ගමන්....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now