° Industry °

63 17 4
                                    


බෝරාගේ funaral එකට සෙඔල් ගියේ ගොඩක් අකමැත්තෙන් .. එයාට බෑ එයාගේ යාළුවව funaral එකක දකින්න .. ඒක සෙඔල් ගේ පීඩනය තවත් වැඩි කලා ...

සෙඔල් එක්ක චෝහිත් funaral එකට ගියේ සෙඔල් එක්කම ඉන්න පුළුවන් කෙනා චෝහි උන නිසා ... ඒ වගේම ජීමින් , ටේහ්‍යුන් .. එයාලා දෙන්නත් සෙඔල් එක්කම funaral එකට ගියා ..
සෙඔල් ගොඩක් ඇඬුවා .... අන්තිම කාලේ එයාට බෝරා එක්ක ඉන්න බැරි උන පසුතැවිල්ල සෙඔල් ගේ හිතේ හැමදාමත් තියේවි ..

හැමතැනම බොරගේ මේ හදිසි මරණය ගැන news ගියා .. Funaral එක වෙද්දිත් මරණේ ගැන හරි තොරතුරක් බෝරාගේ ඒජන්සි එකෙන් එලියට දීලා තිබුනේ නෑ ...

*******

සෙඔල් දවසෙම ඒ හැටි කතාබහ කලේ නෑ .. අඩුම තරමේ ලිෂූ එක්ක වත් සෙඔල් කතා කලේ වචනයක් දෙකක් වගේ .. කෙල්ලට තාමත් ශොක් එක තිබුනා .. එයා practice වලටත් නොයා රූම් එකේම කාලේ ගත කලා ...

දවල් වෙද්දි බෝරා ගේ මරණේ ගැන විස්තරයක් එයාගේ ඒජන්සි එකෙන් එලියට දාලා තිබුනා ..
සෙඔල් මේ වගක් දැනන් හිටියේ නෑ ... අනික එයාට ඒක කියන්න තරම් ධෛර්යයක් කාටවත් තිබුනෙත් නෑ .. කෙල්ලගේ phone එකත් දැන් නැති නිසා එයා මේක නොදැන රූම් එකට වෙලා හිටියේ ජීමින් ටේහ්‍යුන් වගේම අනිත් අයත් මේ අලුත්ම news එක නිසා තවත් කලබල වෙද්දි ...

" ඒත් ටේහ්‍යුන් මේක සෙඔල් දැනගනීවි .. එයාගෙන් හංගන්න බෑ ඔයා දන්නවනේ හැටි .... "
ජීමින් එහෙම කිව්වෙ නළලත් අතකින් මිරිකගන ...

" ඔප්පා අපි දැන් මොකද කරන්නේ ? ඔන්නි දැනගනීවි නේ .. "
හී ජින් එහෙම අහද්දි ජීමින් කලේ බර හුස්මක් හලපු එක .. එයාලා දන්නෙත් නෑ මොනා කරන්නද කියලා ...

" ටේහ්‍යුන් ... "
හදිසියේම practice room එකේ දොර ලඟින් ඇහුන බිඳුන කටහඬට හැමෝම ගැස්සුනා .. ඒ සෙඔල් .. කෙල්ල අඬලා ඇස් දෙකත් ඉදිමිලා ... තාමත් මූණ පෙඟුන ගතියයි ... ටේහ්‍යුන් ව ඉස්සරහට දිව උනා ...

" සෙඔල් .. කියන්න .. "

" මට ඔයාට ඒ කතා කරපු නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන් ද ? අර බෝරගේ අජුම්මා කිව්ව කෙනාට ... "
සෙඔල් ගොඩක් සන්සුන්ව කතා කලේ පැය ගානක් අඬලා අමාරුවෙන් හුස්මක් ගන්න ගමන් ...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now