° What Happened ? °

69 19 120
                                    


" දේ ... අන්‍යෝහසේයෝ ...
panorama leadernim Seol ඉම්මිදා ... "

" අන්‍යෝහසේයෝ යොරොබුන් .. ජින් ඉම්මිදා ....
දේ ලී සෙඔල් ශී ... ? "

" දේ ... ඔන්න ඉතින් අද ඉදන් අපි දෙන්නා music show වෙනුවෙන් ඔයාලත් එක්ක එකතු වෙනවා ..
ඉතින් සොක්ජින් ශී ... අපි එක්ක අද එකතු වෙලා ඉන්නවා ප්‍රසිද්ධ කණ්ඩායම් හතක් .. එහෙම නේද ... ? "

" ඔව් සෙඔල් ශී ... අද Music Show එකේ ගොඩක් වෙනස් performances හතක් හැමෝටම බලාගන්න පුළුවන් වේවි ...
ඉතින් එයාලා මොනාද කරන්න ඕනි ඒකට සෙඔල් ශී ... ? "

" ඔව් අපේ music show ප්‍රේක්ෂකයෝ ඔක්කොටම සිද්ධ වෙනවා අපි එක්ක පැය දෙකක් පුරාවට රැදී ඉන්න ... "

******
Flashback ...

අතට දුන්න පුංචි කාඩ් කීපයේ ලියවුන කොටස් බලන ගමන් සෙඔල් ජින් එක්ක එයාගේ පළවෙනි MC shoot එක පටන් ගත්තා....

ඒක live යන නිසාත් TV program එකක් නිසාත් එයාලට ගොඩක් වෙනස් කම් කරන්න උනා .... සෙඔල් ට හුරුපුරුදු බෝයි ස්ටයිල් එකට වඩා එයාට සිද්ධ උනා girlish විදියට අඳින්න ...

Light Red mix උන දණහිසෙන් ටිකක් උඩට කොට උන ගවුමත් හතරැස් සිල්වර් කලර් earings දෙකත් වගේම කෙල්ලගේ දිග කොන්ඩේ පස්සට වෙන්න දාලා තිබ්බ hairband එකත් එක්ක කෙල්ල ගොඩක් girlish පෙනුමක් ගත්තා ....

ඒ හා ගැලපෙන්න ජින් එයාගේ වයිට් කලර් ශර්ට් එකත් ගලපගන තිබුනා ...

Dressing room එකෙන් එලියට ආව කෙල්ලව මුලින්ම මුණගැහුනේ ටේහ්‍යුන් ට .. boy style එකේ ඇඳුම් වලින්ම දැකලා හුරු උන සෙඔල් ව මේ විදියට දකිද්දි ටේහ්‍යුන් ටිකක් පුදුම උනා ..

" ඊහ් ... මේවා පටලන් ඉන්න මට හුරුත් නෑ දැන් ... ඔහ් .. "
කෙල්ල කැරකි කැරකි දගලද්දි ඔලුවේ තිබ්බ hairband එක කෙල්ලගේ මූණට හැලුනා....

ටේහ්‍යුන් ට බකස් ගාලා හිනා ගියත් සෙඔල්ගේ ඇස් වලට වැටුන hairband එක නිසා එයා ඒක නොදකින අතරේ ටේහ්‍යුන් ඉක්මනට අහකට හැරුනා ....

" පුළුවන් තරම් ඔය කෑලි ටික හලාගන්නේ නැතුව වැඩේ කරන්න try කරන්න සෙඔල් ... "
ටේහ්‍යුන් ගනන් නොගන්න ගානෙන් කියලා දාලා එතනින් යන්න හැරෙද්දි එතනට ආවේ අලුත් චරිතේ ...

Love-Hate ♡  ( Completed )Kde žijí příběhy. Začni objevovat