° Suddenly °

64 18 42
                                    


උදෙන්ම practice room පැත්තට දුවන අතරේ කෙල්ලො ටික ලිෂූ ගේ ඉල්ලීමටයි ent එකේ ලෝන්ජ් එකට යන්න කැමතිඋනේ ....
ලිෂූ ගොඩක් ආස කලා christmas එකට හදන Christmas Tree එකට ... ඉතින් අද Pre Christmas Day එක ... හරියටම කිව්වොත් අද December 24 වෙනිදා ... DYD එකේ ලෝන්ජ් එකේ එලියට පේන්නත් එක්ක ලොකුවට හදලා තිබුන Christmas tree එක බල්බ් වලින් ලස්සන කරලා තිබුනා .....

" වා ... හ් ඒකේ උස බලන්නකො ඔන්නි .. "
පුංචි හිනාවකින් ඒ නත්තල් ගහ දිහා බලන් ඉන්න සෙඔල් ගේ අත හයියෙන් හොලවන ගමන් ලිෂූ කටත් ඇරන් ඔලුව උස්සන් අර ගහ මුදුන බලාගන එහෙම කිව්වා...

" හ්ම්ම් ඒකනේ ගිය පාරට වඩා උසයි... "
Trainees ලා ගොඩක් දෙනෙක් එතන photos ගත්තා ....

" ඔන්නී අපිත් මෙතන photo එකක් ගමුකො .. අනේ .. "
ආයෙත් ලිෂූගේ ඇවිටිල්ල .. හැබැයි ඒ අදහසට නම් හීජින්ලත් කැමති උනා....
ඒ නිසාම Panorama group එකම Christmas Tree එක ඉස්සරහා හිටගන group photo එකක් ගත්තා ..
ඒ වගේම කට්ටිය තනි තනියෙනුත් photo ගත්තෙ vistas ලට නත්තලට විෂ් කරලා photo එකක් post කරන්න හිතාගන....

" අපරාදේ අපි group photo එකක් ගත්තේ ඔන්නි ... මේකේ මම ඉන්න නිසා ඔයාලට ඒක කොහෙවත් දාන්න බෑ නේ .. "
සූආ එයාලා හිනාවෙලා එක එක හැඩ වලට හැරිලා අරන් තිබ්බ group photo එක දිහා බලලා මූණ බෙරි කරගත්තම තමයි අනිත් අයටත් ඒක මතක් උනේ...

" අ අයියෝ අනේ ... තව සති කීයද ... අපි ඊට පස්සෙ මේවා දාමු ... Christmas ඉවර උනාට ශීත කාලේ තව මාස එකහමාරක් විතර තියෙයිනේ ... "
චෝහි එහෙම කියලා සූආගේ කරට අතක් දාගත්තේ කෙල්ලගේ හිත ටිකක් හැදෙන්නත් එක්ක ...

Happy Christmas Uri Vistas !!

Christmas Tree එක ඉස්සරහ ගත්ත photo එකත් එක්ක එහෙම caption එකකුත් දාලා සෙඔල් ඒක එයාගේ instagram account එකේ post කලේ කට්ටිය එක්ක යමින් ගමන්මයි...

එයාලට අද වැඩ ගොඩක් තිබුනා .. ඉතින් නාස්ති කරන්න ඒ හැටි කාලෙකුත් නෑ .. ඉක්මනින් practice room එකට ගිය පස් දෙනා එයාලගේ choreography එක බලන්න ගත්තා ...

" Good Morning guys .. "
දෙපාරක් රූම් එකේ දොරට තට්ටු කරපු ටේහ්‍යුන් practice room එකේ දොර ඇරලා ඇතුලට ඔලුව දාලා එහෙම කිව්වෙ dance එකේ හිටිය කට්ටියම ටේහ්‍යුන් දිහා හැරිලා බලද්දි....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now