° Related °

63 19 51
                                    


ලයිව් එක ඉවර වෙලා සෙඔල් ඉක්මනට එලියට පැන්නේ ටේහ්‍යුන් ආවද කියලා හොයලා බලන්න .. කෙල්ලට ගොඩක් හදිස්සියි අජුම්මා ගැන දැනගන්න .. අනිත් හතරදෙනත් එක්ක සෙඔල් practice room පැත්තට ආවේ හදිස්සියෙන් වගේ එයා දාගන හිටිය රතුපාට christmas hat එකත් ගලවලා අතට ගන්න ගමන්....

" ඔන්නි මොකක් හරි ප්‍රශ්නයක් ද ? "
චෝහිලත් දුවන් ඇවිත් සෙඔල් එක්කම practice room එකට රිංගුවා..

" න් නෑ චෝහියා .. මම මේ ටේහ්‍යුන් එනකන් ඉන්නේ .. "
සෙඔල් පුටුවකින් වාඩි උනා....

" ඔහ් ටේහ්‍යුන් ඔප්පගේ ඔම්මා හොදින්ද දන්නෑ නේද "
ලිෂූ සෙඔල් ගේ ලගින් වාඩි උනේ එහෙම කියන ගමන්...

" ආනී ලිෂූ සර්ජරි එක හොදට කෙරුනා කියලා මට message එකක් එව්වා .. ඒත් එතනින් එහාට මොනා උනාද කියලා මමත් දන්නේ නෑ .. "
ලිෂූ එයා දාගන හිටිය රතු පාට හැට් එක ඇදලා අතට ගත්ත එකෙන් කෙල්ලගේ කොන්ඩේ ඇවිස්සිලා නළලට වැටිලා ඇසුත් වැහිලා ගිය නිසා සෙඔල් එහෙම කිය කියම ලිෂූගේ කොන්ඩේ පිලිවලක් කලා...

ලිෂූ එහෙම තමා .. හිටි ගමන් හිතට එන දේ කරනවා .. එයා අවුරුදු විස්සක කෙල්ලෙක් උනත් එයාගේ ඔන්නිලා එයාව බබෙක් වගේ බලාගන්න නිසා ලිෂූ හරි කැමතියි එයාලගේ අවධානේ ගන්න .. ඒ නිසාම කෙල්ල හිතලම ඇට්ටර වැඩ කලා , වෙලාවකට එයා මොනාත්ම නොකර ඉද්දි ඔන්නිලා හතර දෙනා එයාට හැමදේම කරලා දෙද්දි කෙල්ල හරි කැමතියි ...
ඉතින් සෙඔල් ගේ අතෙන් කොන්ඩේ හදාගත්ත පොඩි කෙල්ල එයාගේ බෙල්ලේ එල්ලන් හිටිය අමුතු සැරසිල්ල උස්සන් ගියේ එයාගේ අනිත් ලොකු ඔන්නි චෝහි ලඟට..

එයා චෝහිට පිටිපස්ස හරවලා එහෙ මෙහෙ වැනුනේ ඒක ගලවන්න කියලා කියන්නා වගේ .... චෝහිත් සෙඔල් එක්ක කතාබහේ ඉදන්ම අර සැරසිල්ල ගලවලා අයින් කලා....

දැන් ලිෂූට මහන්සියි .. ලයිව් එකේ සිංදු කියලා නටලා එයාට මහන්සි නිසා ඊලගට එයා ගියේ එයාගේ අනිත් රණ්ඩු කෙකි දෙක ගාවට ...

සූආයි හී ජිනුයිත් සෙඔල් ගේ කතා බහ අහන් බිම වාඩිවෙලා හිටියේ .. ලිෂූ දූවන් ගිහින් දෙන්නගේ මැද්දෙන් හිට ගත්තෙ එයාට එතන ඉඩක් දෙන්න කියන්න වගේ ..
අර දෙන්නත් කතා බහ අස්සෙම එයාට වෙලා ලිෂූ ව මැද්දෙන් ඉන්දෝ ගත්තා... කෙල්ල හරි බරි ගැහිලා සූආ ගේ උකුලෙන් ඔලුව තියාගත්තේ හී ජින් එයාට මහන්සි බව හිතලා ඔලුව අතගාන බව දන්න නිසයි....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now