° I'm Fine °

83 25 4
                                    


සෙඔල් ලේ තැවරුන ටිෂූ එකත් අතේ තියාගන සෝෆා එකේ ඔලුව ගහගත්තේ කනෙන් ආව කැක්කුම නිසා...
අනිත් කෙල්ලො ටිකත් තවම වතුරවත් බිව්වේ නෑ... කෙල්ලගේ ලගින් වාඩිවෙලා එයාලත් හෙලවෙන්නේ නැතිව කෙල්ලගේ ඔලුව අතගානවා..

" කෝ චෝහි ඔන්නී... අනේ ඇයි පරක්කු... "
ලිෂූ කෑගහද්දි චෝහි තවත් කෙනෙක් එක්ක එතෙන්ට දුවන් ආවා...

" මියානේ සෙඔලා... මම ඉවර උන ගමන් එන්න හිටියේ... බඩුවගයක් එහෙ මෙහෙවෙලා හොයාගන්න උනා... "
ඒ කෙනා එහෙම කියාගන කෙල්ලගේ ලගින් සෝෆා එකේ වාඩි උනේ මෙච්චර වෙලා එතන ඉදගන ඔලුව අතගගා හිටිය හී ජින් නැගිටලා එයාට ඉඩ දෙද්දි...

" ආනී... ඔප්පා.. එහෙම ලොකු අමාරුවක් නෑ... "
කෙල්ල කන අල්ලගන ඔලුව වනද්දි එතෙන්ට දුවන් ආවේ ටේහ්‍යුන් ..

කොල්ලා හොදටම බය වෙලා.. බයකටත් වැඩිය ඒ ඇස් වල තිබුනේ ලොකු වදවීමක්.. ඒ ඇස් කලබලෙන් කෙල්ලගේ හැම ඉරියව්වක්ම බලාගන හිටියා...

" මෙහෙමයි... මට කියන්න ඇතුලෙන් රිදෙනවද... මං අහන්නේ නිකන් රිදීම එනවා යන්වා වගේද... එහෙමත් නැත්තන් එක දිගට තියෙන රිදීමක් ද.... "
එයා කෙල්ලගේ කන ටිකක් පරීක්ෂා කලා...

" දේ ඔප්පා.. එක දිගට රිදෙනවා... ඔලුවත් එක්ක ඒ පැත්තම ටිකක් විතර.... "

" හ්ම්ම්... සෙඔල් හෙට වෙද්දි ඔයාගේ approve එකක් ආවොත් මට කියන්න.. මොකද ඔයාගේ කන තාවකාලිකව ඇහෙන එක අඩු වෙන්න පුළුවන් ..
ටිකක් high ray එකක් ගිහින් තියෙන්නේ... "

" හෝසෙඔක් ඔප්පා... මට කෙලින්ම කියන්න... මම දන්නවා ඔයා කියන්න යන දේ... "
කෙල්ල එහෙම කියද්දි හෝසෙඔක් උනත් ටිකක් ගැස්සුනා ...
හෝසෙඔක් කට්ටියම දිහා බලද්දි කෙල්ලො ටික හෙමින් හෙමින් ටේහ්‍යුන් එක්ක එලියට ගියේ තවමත් වතුර එකක් වත් නැති නිසා සෙඔල් ටත් එක්ක වතුර වගේම කෑම ගේන්න හිතාගන....

" හ්හාඅ ... මේකයි.. ටිකක් ඩැමේජ් වෙලා... සමහරවිට ..... තාවකාලිකව වගේ කන ඇහෙන්නේ නැති වෙන්නත් ඉඩ තියනවා සෙඔලා... "
කෙල්ලගේ පිටට තට්ටුවක් දාලා එයා එහෙම කිව්වත් එයා බලාපොරොත්තු උන ප්‍රතිචාරය වෙනුවට කෙල්ල කලේ ලොකු හුස්මක් අරන් ඒකට ඔලුව වැනුව එක....

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now