° Memories °

99 22 39
                                    

ජීමින් ජිම් එකෙන් එලියට ආවේ සෙඔල් තව විනාඩි දහයකින් ජිම් එකෙන් එලියට එන්න පොරොන්දු කරවගන....
කෙල්ලගේ කදුළු වලට කොල්ලගේ ඇදුමේ උරහිස ලගින් හොදටම තෙත් වෙලා.. ඒ දිහා බලලා හුස්මක් පිට කරලා එයා එලියට එනවත් එක්කම දැක්කේ එතනම බෙන්ච් එකක් උඩ තියලා තිබ්බ ප්‍රෝටීන් drink එක...

" ඔහ් .. "
ජිමින් ඒක අතට අරන් වටපිට බැලුවා....
" සොල්මා .. ? ටේහ්‍යුන් ද .. "

ඒත් පේන හරියක නම් කිසිම කෙනෙක් ගේ සේයාවක් නැති උනත් ජිමින් ප්‍රෝටීන් එක අතට ගත්තා...
" එයා ආවද .. ? ඒත් .. "
ජිමින්ට තේරුනා ටේහ්‍යුන් ආව බව.. සමහරවිට එයාලගේ කතාව ඇහෙන්නත් ඇති කියලා එයාට හිතුනා...

" චහ් ... "
තමන්ටම හිනාවෙලා එයා දෙතුන්පාරක් ප්‍රෝටීන් drink එක කරකවලා බලලා ඒකේ බීම බටේ කටට අරන් එතනින් එලියට ගියේ බීම එක රසවිද විද...

*****

ටේහ්‍යුන් හිටියේ කාලෙකට පස්සෙ හුරුපුරුදු තැනකට ගිහින්... එයාලගේ මතකයන් වල ආරම්භය එතනයි සිද්ධ උනේ...

ඔව් එයා හිටියේ එයාගේ School එකේ... DYD එකේ ඉදන් එයාලගෙ School එකට පැයක වගේ දුරක් තිබුන නිසා , තමන්ගේ හිත ගොඩක් පැටලිලා නිසාත් එයා තමන්ගේ හිත ඉල්ලපු තැනට වාහනේ අරන් ආවා..

Rooftop එකේ හමාගන යන හවස් හුළගින් හුස්මක් පුරෝගන්න ගමන් එයා අත්වැට ලගට ගියා...
" හ්හා... හැමදේම වෙනස් වෙලා.. ඒත් මෙතන ඒ විදියමයි ඔලී... ඒ හුළග තවමත් ඒ සුවදමයි...

ඔයා හරි ඔලී හවස් වෙද්දි මෙතන සීතල වැඩි වෙනවා... "
සීත කාලෙත් කිට්ටු නිසාම එන්න එන්නම සුළං වල හීතල වැඩි වෙන්න ගත්තා...

ඒ සීතල ඇගට ගේන හිරියත් එක්කම ටේහ්‍යුන් පාවෙලා ගියේ එයාලගේ අතීතයේ මතකයන් වලට...
එයා දැක්කා තමන්ගේ එහා පැත්තෙන් අත්වැට උඩ අත්දෙකත් දෙපැත්තට විහිදවන් සමබරව අඩිය තියන පුංචි කෙල්ලෙක් ව..

දණහිස ට ටිකක් උස් උන ගවුම වගේම දිග කළු කොන්ඩේ හුළගට හරිහරියට එකතු උනා....

" දෙයියනේ ඔලී ... !! "
ඒත් එක්කන ටේහ්‍යුන් දැක්කේ එයාගේ පිටිපස්සෙන් පඩිපෙල නැගලා rooftop එකට කෑගහගන දුවන් එන පුංචි කොල්ලෙක් ව...
එයාගේ කොන්ඩෙත් හුළගට හොදටෝම ඇවිස්සිලා..

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now