° Promise °

74 17 28
                                    

සෙඔල් ජීමින් එක්ක එනවා ඈත තියාම දැක්ක ලිෂූ ඉක්මනට කෙල්ලගේ ලගට දිව්වේ කෑගහගනමයි...
" ඔන්නී.... !"

මෙච්චර වෙලා කෙල්ල එනකන් අනිත් හැමෝම මගබලන් හිටියේ ගොඩක් බය වෙලා... සෙඔල් අඩාගන පිට උනාට පස්සෙ කට්ටියම ගොඩක් අවුල් උනා ... විශේෂයෙන් සූආ...

Dorm එකේ කොරිඩෝ එකට වෙලා ටයිල් වලට ඇන ඇන හිටිය හී ජිනුත් එතෙන්ට දිව්වා...

" ම්ම් ලිෂූ .. "
සෙඔල්ගේ අතේ පැනපු ගමන් පොඩි කෙල්ල එල්ලුනා..

" අනේ ඔන්නි කොහෙද ගියේ... මම බය උනා.. අනේ අපි ඔන්නිව හෙව්වා හැමතැනම .. ඔහ් ජීමින් ඔප්පා එක්කද ආවේ ... අනේ ඔන්නිට දුක හිතුනද ම්ම්.. "
ලිෂූ ගේ කට වයින් කරලා වගේ කියවන් යද්දි සෙඔල් ඇසුත් ලොකු කරන් බලන් හිටියා...

" සෙඔල් ඔන්නි... ! අම්මෝ බලන්න ඔයත් ඉතින්... සූආත් බයවෙලා .. ටේහ්‍යුන් ඔප්පා ටත් මම කිව්වා බලන්න කියලා...

ඒත් එයා කිව්වා ඔයාව දැක්කේ නෑයි කියලා... ඔයා හොදින්ද ඔන්නී... ? "
හී ජින් සෙඔල් ගේ මූණට එබෙද්දි සෙඔල් තවමත් අතේ රැදිලා තියෙන Cool Black Tea එක දිහා බලලා හිනා උනා..

" හ්ම්ම් මම හොදින් ... "
Tea cup එක දිහා බලාගනම කෙල්ල උත්තර දීලා ලිෂූ එක්ක හිනා උනා..
" ප්‍රශ්නයක් නෑ ... දැන් හරි... කෝ සූආ .. ? "

" ඇතුලේ ඉන්නවා ඔන්නි.. "

" චිම් ... කුමාඕ .. චින්ජා "
සෙඔල් ජීමින්ගේ උරහිසකට තට්ටුව දාලා එතනින් යද්දි ජීමින් හුස්මක් පිට කරලා ඒ දිහා බලන් හිටියා...

කෙල්ල Dorm එක ඇතුලට යද්දි සූආ හිටියේ සෝෆා එකේ වාඩිවෙලා කකුල් අස්සෙ මූණ ගහගන ... චෝහිත් එතනට වෙලා කෙල්ලගේ පිට අතගගා එයාව සන්සුන් කලා..

සෙඔල් ආව බව සූආ දැක්කේ නැහැ.. සෙඔල් හෙමින් සූආ ලගින් වාඩිවෙලා කෙල්ලව තුරුල් කරගත්තේ සූආ ව තිගැස්සෙද්දි.....
" සරන්හේ .. "
සෙඔල් කිව්ව ඒ එක වචනෙන් සූආ අඩලා ඉවරයි.. එක පාරට එයා සෙඔල් ගේ කර වටේ අතදාලා එයාට තුරුලු උනේ ඉකි ගගහා...

" මියානේ ඔන්නිහ්... "
කෙල්ල සෙඔල් ගේ බෙල්ල අස්සේ මූණ හංග ගත්තේ සෙඔල් ට පුංචි හිනාවක් යද්දි...

Love-Hate ♡  ( Completed )Where stories live. Discover now