" දුක කියන දේ උපතින්ම උරුම උන මට සතුට කියන්නේ හීනයක්ම විතරක් උනා , ඒත් නොහිතපු මොහොතක රියා මගේ ජීවිතේට ආවේ මෙච්චර කාලයක් මට හීනයක් විතරක්ම වෙලා තිබුණ සතුටත් , ආදරයත් දෙකම අරගෙන...
ඔව්... රියා තමයි මගේ ජීවිතේ එකම සතුට , බලාපොරොත්තුව....
ඒත් දුක විතරක් ලියවෙලා තිබුණ මගේ ඉරණමේ... මේ ලැබුණ සතුට හැමදාටම මං ළග තියාගන්න දෛවය මට ඉඩ දෙයිද.....???
දැන් ටික දවසක ඉදන් නිතරම මගේ හිත මගෙන්ම මේ ප්‍රශ්නෙ අහන්න ගත්තා...
ඒත් ඇයි එක පාරටම....??
ඒකට තාමත් මට හරියට උත්තරයක් නෑ.....
බස් එකේ එන ගමන් මේ දේවල් හිත හිතාම මට නින්ද ගියේ ඇගට තිබුණ මහන්සියට වෙන්න ඇති....
කවදාවත් නැතුව මේ වගේ වෙලාවක රියා ඇයි මට හදිස්සියේ එන්න කිව්වේ..... බස් එකෙ ඇවිත් yongdusan park එක ළගින් බහින ගමනුත් මං හිතුවා..
_________________________________________
" රියා... Please මං කියන දේ එක පාරක් අහන්න... මට එක අවස්ථාවක් දෙන්න.. මං පුළුවන් ඉක්මනටම Audition එකට යන්නම්.. ටික කාලෙක ඉදන් ගෙදර තිබුණ ප්‍රශ්න නිසයි මං ඒකට වැඩි උනන්දුවක් දැක්වුවේ නැත්තේ.... ඔයා දන්නවනේ අපේ dancing group එකේ ඉන්න Heosok එයාගේ පපා අදුරන manager කෙනෙක් ඉන්නවාලු Bighit Company එකේ.... ඉතිං Heosok මට කිව්වා එයා පපාට කියලා කොහොම හරි මට BigHit එකේ audition එකට යන්න අවස්ථාවක් හදලා දෙන්නම් කියලා... group එකේ ඉන්න talented ම dancer මං කියලා හැමෝම දන්නවා ඒ වගේම මට sing කරන්නත් පුළුවන් මට බැරි වෙන එකක් නෑ audition එකෙන් win කරන්න....... "
මං ඉස්සරහා හිටගෙන ඉන්න රියා ට මං ඒ විදිහට පුළුවන් තරම් බෑගපත් උනේ මට එයා හැර වෙන ලෝකයක් තිබුණේ නැති නිසා....
" Stop it jungkook... please ඔයා තවත් මට බොරු කියන එක නවත්තන්න... මං ඔයාට හැමදාම කිව්වා ඔය පාරවල් ගානේ නටන එක අතැරලා වෙන ජොබ් එකක් හොයා ගන්න කියලා... ඔයා කවදාවත් මං කියන දෙයක් ඇහුවේ නෑ....
මං අපේ මමීටයි ඩැඩීටයි දැන් අවුරුදු කීයක ඉදන්ද මේ බොරු කියන්නේ... එයාලා අහන ප්‍රශ්න වලට මං කොහොමද උත්තර දෙන්නෙ ආ......
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)