: ජිමිනා.......
ඇනෙක්ස් එක ළඟ කාර් එක නවත්තනවත් එක්කම කාර් එකෙන් බැහැපු මම දුවගෙන ගිහින් ඇනෙක්ස් එකේ දොර ඇරගෙන එහෙම කියාගෙනම ඇතුල් උනා.....
: ඔච්චර හයියෙන් කෑ ගහන්නේ මං මැරිලා කියලා හිතුවද උඹ...
ඇදේ හාන්සි වෙලා විලුඹ ළඟ ඉදන් දණහිස ළඟට එනකන්ම එක කකුලක් බැන්ඩේජ් කරගෙන හිටපු ජිමිනා මං දිහා බලලා කිව්වා...
: මොකද්ද බං උනේ.....
: මට දැන් මේ දැනගන්න ලැබුනේ.... උඹට තිබුණනේ මට කෝල් එකක් දෙන්න
මම ගිහින් ඇදෙන් , ජිමින් ළඟින් වාඩි වෙන ගමන් කකුල දිහා බලාගෙනම කිව්වා...
: කෝල්......?
: බලපන් මං උඹට කෝල් කීයක් අරන් තියනවද කියලා....
ජිමිනා තරහින් මං දිහා බලලා එහෙම කියද්දි තමයි මට මතක් උනේ මගෙ ෆෝන් එක කාර් එකේ බැරි උනා නේද කියලා.. ඒ නිසා මම මොකුත් නොකියා නිහඬ උනේ සිද්ද වුණ දේවල් මේ වෙලාවේ ජිමින්ට කියන්න බැරි නිසා...
: කකුලට මොකද වෙලා තියෙන්නේ.... ඩොක්ටර් මොකද කිව්වේ හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕන කිව්වෙ නැද්ද....
කකුල වෙලලා තියෙන බැන්ඩේජ් එක වටේ හෙමින් ඇඟිලි එහෙමෙහෙ යවන ගමන් මං ඇහුවා....
: ලොකුවට ඩැමේජ් වෙලා නෑ කිව්වා.. විලුඹ ළගින් පැනලා තිබුණේ බං.. ඇති ඔයින් ගියා.... ඒත් ඉන්න බෑ ඇතුලෙන් රිදෙනවා
: හොස්පිටල් ඇඩ්මිට් වෙනවනම් හොඳයි කිව්වා.. ඒත් මං ආවා බං මට බෑ හොස්පිටල් එකේ ඉන්න..
: හැබැයි ඉතිං දවසක් ඇර දවසක්වත් ඇවිත් පෙන්නන්න කිව්වා...
ඒ ගමනනම් ජිමින් ටිකක් අමාරුවෙන් වගේ කිව්වා....
: හොස්පිටල් යන්න ඕන වෙලාවට මට කෝල් කරපන්.. මට එන්න බැරි උනත් ඩ්රයිවර් කෙනෙක් එක්ක කාර් එක හරි මම එවන්නම්....
: ජන්කුක් ඒ ගැන කරදර වෙන්න ඕන නෑ... මම ජිමින්ගේ වැඩ ටික කරගන්න ඩ්රයිවර් කෙනෙක් එක්ක කාර් එකක් දෙන්නම්..
STAI LEGGENDO
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)