යාන්තමට වගේ ඇගට දැනුන සීතලත් එක්ක මට ඇහැරුනා......
ඒ ඇහැරෙනකොටත් මගේ ඔලුව තිබුණේ ටේ ගේ පපුව උඩ මං හෙමිහිට ඔලුව උස්සලා ටේ දිහා බැලුවා... එයා තාමත් හොදට නිදි....
ටේ ගේ එක අතක් මගෙ පිට හරහා යවලා එයා මාව එයාගේ පපුවට තුරුල් කරගෙනයි හිටියේ.....
ටේ අපි දෙන්නටම බ්ලැන්කට් එක පොරවලයි තිබුණේ.... ඒත් මගේ පිට හරියෙන් ඒක පාතට වෙලා තිබුණ නිසා වෙන්න ඇති මට සීතල දැනෙන්න ඇත්තේ..
මම බ්ලැන්කට් එක උඩට අරන් ආයෙ පොරවා ගන්න ගමන් හිතුවා...
ඒ කියන්නේ ටේ ටෙ කලින් මට නින්ද ගිහින් මොකද ටේ බ්ලැන්කට් එක පොරොවනවාවත් මං දන්නෙ නෑ...
එහෙම හිතද්දිනම් මගේ හිත ඇතුලෙන් පුංචි සතුටක් දැනුනා..
දැන් වෙලාව කීයට විතර ඇත්ද....... එළිය වැටිලනම් ජනෙලෙන් ලොකු එළියක් කාමරේට නොවැටුනත් ලාවට හරි එලිය පේනවා.... ඒත් තාම එහෙම ලාවටවත් එළියක් පේන්න නෑ... හැබැයි දැන් එළිය වැටෙන්න ළග ඇති.... එහෙම හිතපු මම වෙලාව බලන්න ෆෝන් එක හොයන්න අනිත් පැත්ත හැරෙන්න හදලත් ආයෙම හැරුනේ නැතුව හිටපු විදිහටම හිටියේ ටේ ගේ නින්ද කඩනන්න ඕන නැති නිසා වගේම මට තව ටික වෙලාවක් මෙහෙම ඉන්න ඕන උන නිසයි...
ඇත්තටම ගෙවුන පැය කීපයේ සිද්ද උන දේවල් මට හීනයක් වගේ... කවදාවත් හීනෙකින්වත් හිතපු නැති දෙයක් මෙහෙම සිද්ද උනේ... මගේ හිතට ආදරය් දැනෙන්න ගත්ත දවසේ ඉදන් මේ හිතේ හිටියේ රියා විතරයි.... පපාට , ආච්චිට ඇරෙන්න පිට කෙනෙක්ට කියලා මං ආදරේ කරේ රියා ට විතරයි.. එයත් මගේම කියලා හිතාගෙන.. ඒත් නොහිතපු මොහොතක රියා මගේ හිත පාරලා යන්න ගියා... එදා මං හිතා ගත්තා ආයේ කවදාවත් කෙල්ලෙක්ට ආදරේ කරන්නෙ නෑ කියලා.. මං හිතුවේ නෑ මේ හිතට ආයේ කවදාවත් ආදරේ කියන අකුරු තුන ඇතුල් වෙයි කියලා... ඒත් දැන් මොකද මට මේ වෙලා තියෙන්නේ.... මොකද්ද මට මේ දැනෙන්නේ.. රියා ගැන මගේ හිතේ තිබුණට වැඩිය හැගීමක් මට ටේ ගැන දැන් දැනෙනවා... මේකද එතකොට ආදරේ කියන්නේ....??? නෑ මට ඒක තාම හරියටම ස්ථීරව කියන්න බෑ... ඒත් එක දෙයක් රියා මාව අතඇරලා යන දිහා බලාගෙන ඉදලා මං හිත හදා ගත්තට , ටේ කවදා හරි මාව දාලා ගියොත් මට ඒකනම් දරාගන්න බැරි වෙයි... ඒක තමයි මේ මොහොතේ මට දැනෙන හැගීම... එහෙම හිතන ගමන් මං ටේ ගේ පපුවට තව තවත් තුරුල් උනා... හැබැයි ඉතිං මං හිතපු එක දෙයක් හරි කවදාවත් කෙල්ලෙක්ට ආදරේ කරන්නෙ නෑ කියලා හිතපු එක.................... මං එහෙම හිතලා හිතින් හිනා වුනා...
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)