⭕ Chapter ⭕ 18 ⭕

724 172 69
                                        



ඉමක්කොණක් නොපෙනන මුහුද දිහා බලාගෙන ඉද්දි මට හිතුනේ එහෙම....  ඒත් මං හිතනවා  මගේ ජීවිතේට ආයෙම දුකක් දැනෙන්නෙ නැති වෙයි කියලා... ඒත් ඒක මට හරියටම කියන්න බෑ ජීවිතේ කියන්නේ වෙරළනම් දුක , සතුට වෙරළට ඇවිත් යන රැල්ල වගේ... ජීවිතේට එනවා යනවා.. ඒක නිසා දුක සතුට කියන දෙකම එකම විදිහට භාරගන්න මම.... නෑ නෑ.. මේ ලෝකෙ ජීවත් වෙන හැම මනුස්සයෙක්ම පුරුදු වෙන්න ඕන... ඇත්තටම මුහුද කියන්නේ මට දැනෙන විදිහට භාවනාවක් වගේ.... මුහුද දිහා බලාගෙන ජීවිතේ දිහා වෙනස්ම විදිහට හිතන්න , දකින්න පුළුවන්....... 

හැමදාම මේ වගේ ටික වෙලාවක් හරි මුහුද ළගට ඇවිත් ඉන්න තියෙනවනම්... ටේ ත් එක්ක... එහෙම හිතලා මගේ කල්පනාව බිදින ගමන් මං ටේ දිහා බැලුවා....

හැබැයි ඒ බලනවත් එක්කම මං දැක්කේ මං දිහා බලාගෙන ඉන්න ටේ ගේ ඇස් දෙක..... ඒ ඇස් ලස්සනට හිනා වෙනවා.... 


: මොනවද කල්පනා කරේ.......

ටේ ඒත් එක්කම මගෙන් ඇහුවා....

: මොකුත් නෑ.......

මාත් හිනා වෙන ගමන් කිව්වා.....

: මොකුත් නැති වෙන්නනම් බෑ... මං බලාගෙන හිටියේ හොදට...

ටේ හිනා වෙලා එහෙම කියන ගමන් ආයෙම මුහුද දිහා බලාගත්තා.....

: කල්පනා කරනවනම් කොච්චර දේවල් තියනවද කල්පනා කරන්න... ඒත් ඒ දේවල් කල්පනා නොකර ඉන්න තමයි මං උත්සහා කරන්නේ....

මාත් ආපහු මුහුද දිහා බලාගන්න ගමන් එහෙම කියලා ලොකු හුස්මක් පිටකරා.....


ඇත්තටම මගේ ජීවිතේ මට කල්පනා කරන්න තියෙන ප්‍රශ්න දිහා බැලුවොත් මට කවදාවත් ඒ කල්පනා ලෝකෙන් පියවි සිහියට එන්න ලැබෙන්නෙ නෑ... දවසින් දවස අලුත් ප්‍රශ්නයක් මගේ ඉස්සරහා ගොඩ නැගුනා මිසක් කවදාවත් ප්‍රශ්නෙකින් ගැලවෙන්න මට ලැබුණේ නෑ.... සතුට කියලා ළං කරගෙන හිටපු ගොඩක් දේවල් අන්තිම කෙළවර උනේ දුකකින්... ඉතිං ඒක නිසා මේ ගෙවන මොහොතත් දැන් සතුටක් උනාට තව මොහොතකින් ඒ මේ ගෙවෙන මොහොතේ එකතු වුන මතකත් මට දුකක් වෙයිද කියලා මං දන්නෙ නෑ.....

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now