: උඹ ඔය ඇත්තමද කියන්නේ ජිමින්.....
( මගේ හිතට ආපු සතුටටම මං ජිමින්ගෙන් ඇහුවා... )
: ඇත්ත තමයි බං... අපි බලමු ට්‍රයි එකක් දීලා.... මං දැන් සැහෙන කාලයක්නේ මෙතන වැඩ ඒක නිසා මට පුළුවන් වෙයි මැනේජර්ට උඹ ගැන ශේප් එකේ කියන්න.. මෑන් මාත් එක්ක ෆිට් ටිකක් විතර...
( ජිමිනා ඇගට නොදැනී වගේ කියලා දැම්මා... හැබැයි ඉතිං ජිමින් කියන්නෙ කරන්න බැරි වැඩක් ඔහොම ලේසියෙන් කියන මනුස්සයෙක් නම් නෙමෙයි.. ඒක නිසා ඌ බලමු කියලා කිව්වත් මට වැඩේ හරියයි කියලා හිතේ විශ්වාසයක් ඇති උනා )
: ඒක නෙමෙයි... මේ... උඹ ඔතන මොකද කරන්නේ ආ......................
( මං සතුටටත් එක්ක නිකන් කිණ්ඩියට වගේ හිනා වෙලා ජිමින්ගෙන් ඇහුවා.. )
: අඩෝ.. පලයන් යන්න... උඹට මං කිව්වා කියලා හිතා ගනින් උඹ ඇහුවේ මොකද්ද කියලා මට තේරුනා... මට මෙතන මොකුත් කියාගන්න බෑ..... හරිද කුකීයා අහුවෙයන්කෝ මට....
( මං එහෙම අහනවත් එක්කම ජිමිනා හිනා වෙවි මට බැනගෙන බැනගෙන ගියා... මටත් ඌ කියපු දේවල් වලට හොදටම හිනා..... )
: මං බාර් ටෙන්ඩර්.... ඒ කාලේ ඉදන්ම මං ඒ සයිඩ් එක ගැන උනන්දුයිනේ උඹ දන්නවනේ ( හිනාවෙන ගමන් ) තව කීප දෙනෙක්ම ඉන්නවා.. ඒක නිසා අවුලක් නෑ.....
: උඹට කවදා දිහාටද එන්න පුළුවන්...?? මං අදම මැනේජර්ත් එක්ක කතා කරන්නම්.. කෙනෙක් හොයාගෙනද දන්නෙ නෑ... එහෙම උනොත්නම් සොරි තමයි පුතේ...
( ජිමිනා ආයේ වැඩේ නොවෙන ගානට කතා කරනවා... ඒත් ජිමිනා එන්න පුළුවන් දවසක් අහපු එක නිසා ආයේ මගෙ හිතේ බලාපොරොත්තුවක් ඇති උනා... ඇත්තම කිව්වොත් මේ වෙලාවවේ හැටියට මට දැන් උන්ත මෙහෙන් යන්නයි ඕන... )
; මට අද උනත් එන්න පුළුවන් බං..... ( ඒක පාරටම මං කියලා දැම්මා.. )
: අහ්.. කොල්ලා වැඩේට රෙඩි නේද.. ඊයේ රෑ මිස් කෝල් ගහ ගහ ඉන්න වෙලාවේ කෝල් එකක් අරන් කිව්වනම් මං ඒ වෙලාවෙම මැනේජර්ගෙන් අහනවනේ.... ( හිනාවෙන ගමන් ) හරි බං.. එහෙනම් මං අහලා උඹට දවල් වෙද්දි කෝල් එකක් දෙන්නම්... මං එන්න කියද්දි එන්න රෙඩි වෙලා ඉදපන් Ok...
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)