⭕ Chapter ⭕ 36 ⭕

558 149 70
                                        

හිතට හොද හැගීමක් දැනුනේ නැතත්... ලෑස්ති උන එක ඇනෙක්ස් එකට ගිහින් ජිමින්ව හම්බෙන්නම් කියලා හිතාගෙන මම apartment එකෙන් එළියට ආවා....



මේ වෙනකනුත් මැසේජ් එක delivery වෙලා තිබුණේ නැති එක මගේ හිතට දිගින් දිගටම වද දුන්නා.... ඒ නිසා මම ජිමින්ව හම්බෙන්න ඇනෙක්ස් එකට යද්දිත් වරින් වර බැලුවේ ෆෝන් එක දිහා....



නමුත් ඒ කිසිම වෙලාවක මට මැසේජ් එක delivery වෙලා තියනවා දකින්න ලැබුණේ නෑ....




හවස 3.30 වගේ වෙද්දි ඇනෙක්ස් එකට ගිය මම



ඊයේ රෑ උන සිද්දිය වගේම ටේහියුන් මට ළං වෙලා තියෙන්නෙ වෙනත් අරමුණකින් මගෙන් පළිගන්න හිතාගෙන කියලා ජිමින්ට කියද්දි... මම උගෙන් ගුටි නොකා බේරුනේ ටේ එයා අතින් උන හැමදේටම මගෙන් සමාවගත්තා කියලා වගේම, ටේ උදේ මාත් එක්ක කියපු දේවල් ඒ විදිහට අකුරක් නෑර ඉක්මනට කියපු නිසා....





නැත්තම් ඩියා කියපු දේවලුත් එක්ක , මං දැක්ක වීඩියෝ ගැන විතරක් කිව්වනම් ඇත්තටම ඌ ඒ වෙලාවේ යාලුකම පැත්තක දාලා මට ගහනවා.... මොකද මං ඒ දේවල් කියද්දි ජිමින්ගේ අත් මිටමෙලෙවෙලා නහරවල් උඩට ඉලිප්පිලා තියනවා මං දැක්කා.... ජිමින්ට එහෙම වෙන්නෙ උපරිමේට තරහා ගිය වෙලාවට...





කියන්න තියන දේ බොහොම පැහැදිලිව කෙටියෙන් මම ජිමින්ට ඒ විදිහට කියලා ඉවර වෙද්දි මගේ හිතට යම්තාක් දුරට සහනයක් දැනුනා.... මොකද මේ වෙනකන් කාටවත් නොකියා උන හැමදේම තනියම හිතේ තියාගෙන හිටපු නිසා හිතට ලොකු බරක් දැනුන නිසා වෙන්න ඇති.....






ඒ දේවල් ඒ විදිහට කියලා හිත නිදහස් කරගත්තත් ඊටත් වැඩිය ලොකු බරක් , පීඩනයක් ඒ වෙනකොටත් මගේ හිතම වෙලාගෙනයි තිබුණේ... ඒ මං ටේට දාපු මැසේජ් එක තාමත් delivery වෙලා තිබුණේ නැති නිසා...





: ජන්කුක් මීට පස්සෙවත් කරන දෙයක් සිය දහස් වතාවක් හිතලා කරපන්... උඹ කොහොමත් එක දේකින් මට්ටු වෙන්නෙ නෑ කියලා මං දන්නවා... හැඟීම් වලට වහල් නොවී මොලෙන් තීරණ ගනින්...



⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now