⭕ Chapter ⭕ 02 ⭕

1.3K 221 43
                                        

වැස්ස  එන්න එන්නම තද කරා... ඒත් මට එතනින් නැගිටලා යන්න උවමනාවක් තිබ්බෙ නෑ.. මොකද රියාගෙයි මගෙයි ලස්සන මතක ගොඩක් මේ yongdusan park එකේ තියෙනවා.... මට අන්තිමට ඉතුරු උනේ ඒ මතක විතරයි....

ඒ දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට මට දැනුනා කලිසමේ සාක්කුවේ තිබුණ මගෙ phone එක vibrat වෙනවා.....

සාක්කුවට අත දාලා phone එක අතට අරගෙන

පපා....!! හිතින් මටම කියාගත්ත මම කෝල් එක ආන්සවර් කරා...

: පපා කියන්න......

අත්වලින් මූණේ තියන කදුලුයි , වතුරයි පිහදාන ගමන් මං කතා කරා....

: කොහද ළමයෝ ඉන්නේ..... ඇයි තාම ගෙදර ආවේ නැත්තේ...හොදටම වැස්සත් තදයි... වෙලාව කීයද දැන් රෑ නමයත් පහු වෙලා.... ඉන්න තැනකින් ගෙදර එනවා.....

පපා තරහින් වගේ කියාගෙන කියාගෙන ගියා...

: හරි පපා... මං මේ දැන් එනගමන් ඉන්නේ....

පපාට බොරු කියපු මම වෙන කිසිම දෙයක් නොකියා කෝල් එක කට් කරා...

කෝල් එක කට් කරනවත් එක්කම අතේ තිබ්බ ඔරලෝසුවේන් වෙලාව බලපු මම ඉන්න තැනින් නැගිට්ටේ ගෙදර යන්න.... ඒත් ඒ ඇත්තටම මට ඕනවට නෙමෙයි.. මට එළි වෙනකන් උනත් මෙතන ඉන්න පුළුවන්...  මේ වැස්සෙ මගේ හිතේ තියන දුක හේදිලා යනකන්... ඒ උනාට පොඩි කාලේ ඉදන් පුළුවන් විදිහට මට කන්න බොන්න දීලා මාව උස්මහත් කරපු මගෙ පපාටයි , ආච්චිටයි දුකක් දෙන්න මගෙ හිත දෙන්නෙ නෑ ඒ නිසාම මං නැගිටලා වැස්සෙම park එකෙන් එළියට ගියා...

- " කොහෙද යන්නේ මෝඩයෝ.. "
  " ඇස් පේන්නේ නැද්ද.....
  
  " මැරෙන්න හදනවා මෙතන අපිවත් අමාරුවේ දාන්න "

මං පාර මාරු වෙනකොට වාහනේක ගිය මනුස්සයෙක් ඒ විදිහට බැනගෙන ගියා... ඔව් ඇත්තටම මං colourligts දිහාවත් නොබලයි පාර මාරු උනේ....

9.45 යි ආපහු වේලාව බලපු මම බස් එකක් එනකන් ඉන්නෙ නැතුව taxi එකකට අත දැම්මා.....

ඒත් එකක්වත් ඒ වෙලාවේ නැවත්තුවේ  නෑ.....

" මොන පිස්සෙක්ද මේ... මෙච්චර තද වැස්සෙ තෙමෙන්නෙ.... ගෙයක් දොරක් නැද්ද දන්නෙ නෑ..... "

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now