ටේහියුන් එන්න එන්නම වේගේ වැඩි කරලා මගේ තොල් අතර එයාගේ තොල් ගෙනිච්චා.... මාත් ඒ සමානවම එයාගේ තොල් වේගෙන් සක් කරා........
: ජන්කුක්........
ටේහියුන් එක පාරටම මගේ තොල් දෙකෙන් මිදිලා මගේ ඇස් දෙක දිහා බලාගෙන හෙමිහිට මගේ නම කිව්වා....
එයගේ කටින් වචනෙත් එක්ක පිට උන හුස්ම මගේ කටට හොදටම දැනුනා... මොකද එයා තොල් දෙක මගෙ කටින් ඈත් කරාට එයාගේ කට මගේ කටේ ගෑවි නොගෑවි වගේ තිබුණේ.....
: ම්ම්ම්ම්ම්ම්ම්
මාත් හෙමිහිට එහෙම කිව්වා.. මොකද ඒ වෙලාවේ ඇත්තටම මට එයත් එක්ක කතා කරන්න නෙමෙයි ඕන වෙලා තිබුණේ ඒක නිසා...
: I love you.......
එකපාරටම ටේහියුන්ගේ කටින් හෙමිහිට පිටවුණ ඒ වචනෙත් එක්ක ඔච්චර වෙලාවක් එයාගේ තොල් දෙක දිහා බලාගෙන හිටපු මගේ ඇස් කෙලින්ම ගියේ එයාගේ ඇස් දෙක ළගට... මං පුදුමින් වගේ ඒ ඇස් දෙක දිහා බැලුවේ....
ඒ වෙනකොටත් ඒ ඇස් මගේ ඇස් දෙක දිහා බලාගෙයි හිටියේ.... ඒත් ඒ ඇස් දෙකේ කිසිම කලබලයක් නෑ... හරිම සන්සුන්.. මගේ ඇස් දෙක දිහා බලාගෙන ඒ ඇස් ලස්සනට දිලිසුනා.....
: සරන්ග්හේ ජන්කුක්.........
මං පුදුමින් වගේ බලාගෙන හිටපු නිසාම වෙන්න ඇති ටේහියුන් ආයෙම පාරක් එහෙම කිව්වේ.......
ඒත් මං එයා කියපු දේට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නෙ නැතුව ආපහු එයාගේ තොල් දෙක දිහා බැලුවේ... මට අනිත් හැමදේකටම වැඩිය ඒ වෙලාවේ එයාව ඕන වෙලා තිබුණ නිසා.....
මාත් මනුස්සයෙක්... මටත් හැගීම් දැනීම් තියනවා... කොච්චර ඒ දේවල් හංගගෙන ඉන්න උත්සහ කරත් සමහර අවස්ථාවලදි අපිට ඒ දේවල් තවත් හංගගෙන ඉන්න බැරි වෙනවා.. ඒ වෙලාවට කරන දේ හරිද වැරදිද කියලා හිතෙන්නෙ නෑ... නැතත්....... මං මේ කරන දේ වැරැද්දක් දකින්නෙ නෑ.... මොකද කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිතේ අවංක ආදරයක් ඇති වෙනවනම් ඒ කෙනා ගෑණුද , පිරිමිද කියලා වෙනසක් නෑ... හිතේ ඇතිවෙන අවංක හැගීමයි වටින්නේ.....
ESTÁS LEYENDO
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)